අරණායක, පොත්තපිටිය, අලගල්ල වැනි ජල පෝෂක කලාපවලින් ආරම්භ වී මහනුවර,කෑගල්ල, කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රිකයන් හරහා කිලෝමීටර් 130...
අරණායක, පොත්තපිටිය, අලගල්ල වැනි ජල පෝෂක කලාපවලින් ආරම්භ වී මහනුවර,කෑගල්ල, කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රිකයන් හරහා කිලෝමීටර් 130ක දුරක් ගමන් කරන මෙම ඔය වර්ග කිලෝමීටර් 1500ක භූමියක් ආවරණය කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මුහුදට එක් වේ.
ජල විදුලි බලාගාර, මහා පරිමාණ ජල ව්‍යාපෘති, වගාව සදහා ජලය ලබා ගැනීමේ ජල යෝජනා ක්‍රම ආදි කිසිවක් මෙම ඔයට සම්බන්ධ නොවන නමුත් පවුල් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සිය සෘජු ජල අවශ්‍යතාව සම්පූර්ණ කර ගන්නේ මෙම ජල ප්‍රභවයෙනි.
දැදුරු ඔය නමින්ද හදුන්වන මා ඔය ආශ්‍රිතව මේ වන විට අහිතකර මිනිස් ක්‍රියාකාරකම් රැසක් සිදුවෙමින් පවතින බව මාඔය - කුඩා ඔය සුරැකීමේ සංවිධානයේ ලේකම් චන්දන සෙනෙවිරත්න මහතා පැවසීය.
බලන ප්‍රදේශයේ තේ වගාව ආශ්‍රිතව පාංශු සංරක්ෂණයෙන් තොර වගාවන්, පොත්තපිටිය ප්‍රදේශයේ අක්‍රමවත් කැලි කසල බැහැර කිරීම නිසා මා ඔය ආරම්භක ජල පෝෂක කලාපයට තර්ජන එල්ලවී ඇතැයි ඒ මහතා කීවේය. එම ස්ථානවල ජලය රඹුක්කන් ඔය හරහා මා ඔයට එක්වේ.
අරණායක කදු සහිත ස්ථානවල ගස් කැපීම නිසා ජල පෝෂක කලාපයට හානි සිදුවන බව කී ඒ මහතා කදුකර ප්‍රදේශය මේ නිසා වියළීයාමේ අවදානමක් පවතින බව කිවේය. නාය යාමට ලක්වූ සාමසර කදු සහිත ප්‍රදේශවල මේ වන විට දැවමය වටිනාකම් සහිත ගස් කැපීමේ ව්‍යාපාරයක් දියත් වී තිබෙන බව ද ඒ මහතා කීවේය. ඒ අනුව වර්ෂයක් තුළදී කොස් ගස් පමණක් කපා ගැනීම සදහා අරණායක ප්‍රදේශයේ බලපත්‍ර එක්දහස් පන්සියක පමණ ප්‍රමාණයක් නිකුත් වී ඇතැයි මාඔය - කුඩා ඔය සුරැකීමේ සංවිධානයේ ලේකම් චන්දන සෙනෙවිරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා ජල සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා කුසුම් අතුකෝරළ මහත්මිය ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සමීක්ෂණයක් සිදු කර ඇති අතර ඇයගේ විග්‍රහය තුළ මා ඔය ජල පෝෂක කලාපයට හානි වන බව අනාවණරය කර ගෙන තිබේ.
මාඔයට සමාන්තරව පිහිටි අරණායක නගරයේ ගොඩනැගිලි රැසක් ඔය ආසන්නයේ ඉදිකර ඇති අතර එම ගොඩනැගිලිවල අපජලය ඔයට මුදා හරින බව ඇය සදහන් කළාය. ජල පෝෂක කදුකර ප්‍රදේශවල වතුකරයේ ලැයිම් කාමර ආදියෙහි වැසිකිළි පහසුකම් නොමැති බවත් එම අපද්‍රව්‍ය ද මා ඔයට මුසුවන බව ඇය සදහන් කළාය.
මෙම ඔය පින්නවල අලි අනාථාගාරය අසලින් ගලා බසින බවත් අලි ඇතුන් ස්නානය කරනුයේ මෙම ජලයෙන් බව කී ජ්‍යෙෂ්ඨ උපදේශිකා කුසුම් අතුකෝරළ මහත්මිය, යම් අයුරකින් මා ඔය සිදීයාමට පත්වුවහොත් අලි අතුන් සදහා ද ජලය ලබා ගැනීමේ අර්බුදයක් මතුවිය හැකි යැයි සදහන් කළාය.
ඉකුත් දශක කිහිපය තුළ දී මෙම ජල ප්‍රභවයට කිසිදු තර්ජනයක් එල්ලවී නොතිබුණත් මෑතක සිට මා ඔයට විශාල තර්ජනයක් මිනිසාගෙන් එල්ලවී ඇතැයි පරිසරවේදීන් සදහන් කරයි. ඒ නිසා මෙම ජල ප්‍රභවය සුරක්ෂිත කර ගැනීම සදහා නිතිමය පියවර ක්‍රියාත්ම විය යුතු යැයි ද ඔවුන් පෙන්වා දෙයි.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS