දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ගම්මන්පිලට අධිකරණය නොතකා අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැහැ'
Homeගොසිප්

'ගම්මන්පිලට අධිකරණය නොතකා අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැහැ'

PropellerAds

කිසියම් නඩුවක චූදිතයෙකු ලෙස සිටින පුද්ගලයෙකුට අධිකරණ නීති පවා උල්ලංඝණය කරමින් අසත්‍ය ප්‍රකාශ පළ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නොමැති බව ඕස්ට...

මොරටුවේ වෙඩි තැබීමකින් බස් හිමි පියෙකු හා පුතාගේ යාලුවා මරුට
ඉතිහාසයේ විශාලතම ආයෝජනය යොදවා මාලබේ - කොටුව සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියට අත්සන් තැබේ
අධික උණුසුම් තත්වය නිසා වකුගඩු රෝග හා ඇස්ලෙඩ අවදානමක්

කිසියම් නඩුවක චූදිතයෙකු ලෙස සිටින පුද්ගලයෙකුට අධිකරණ නීති පවා උල්ලංඝණය කරමින් අසත්‍ය ප්‍රකාශ පළ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නොමැති බව ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඩික් මහතාගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශ අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ වන විට ඔහු සම්බන්ධව විභාගවන නඩුවල කරුණු සහ රටේ නීතිය සම්බන්ධව සිදු කළ ප්‍රකාශ පිළිබඳව නිවැරදි කරුණු මාධ්‍ය වෙත ලබාදීමට හා ගම්මන්පිල මහතාට එල්ලවී ඇති චෝදනාවන්ට අධිකරණයේදී සහ නීතිය හමුවේ එක් කාරණයකුත්, ප්‍රසිද්ධ මාධ්‍ය සහ වේදිකාවල තවත් කාරණයකුත් ඉදිරිපත් කරමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී කැඳවමින් ලසිත පෙරේරා මහතා මේ බව සඳහන් කර සිටියේය

බ්‍රයන් ෂැඩික් මහතාට අයත් ඩිජිටල් නොමිනීස් නම් සමාගමේ කොටස් වංචනික ලෙස විකුණා මිලියන 20 මුදලක් සාවද්‍ය පරිහරණය කලැයි උදය ගම්මන්පිලට චෝදනා එල්ල වී තිබෙන මෙම නඩුවේ, ආරම්භයේ සිට මේ වන තෙක් ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටින්නේ බ‍්‍රයන් ෂැඩික් මහතා අසත්‍ය පවසන බවයි. නඩුවේ තීන්දුව මහාධිකරණය ලබාදීමට ප්‍රථම උදය ගම්මන්පිල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ බ්‍රයන් ෂැඩික් මහතා වංචාකාරයෙකු ලෙස හුවා දක්වමින් සිටී. උදය ගම්මන්පිල යනු මෙම නඩුවේ චුදිතයකු වන හෙයින් ගරු අධිකරණට අපහාස වන ලෙස කිසිදු අදහසක් හෝ ප්‍රකාශයක් නිකුත් කිරීමට නොහැකි බව ලසිත පෙරේරා මහතා පවසයි.

නඩුව ආරම්භ වී මස ගණනාවක් ගෙවී ගියද, බ‍්‍රයන් ෂැඩික් මහතාගෙන් ලබා ගත යුතු සාක්ෂි මේ වන විටත් අවසන් කර නොමැති අතර ගම්මන්පිල මහතාට මෙම නඩුව ඉක්මනින් අවසන් කිරීමට විශාල වුවමනාවක් පවතින බව ඔහු විවිධ ස්ථාන වල ප්‍රකාශ කර ඇති බවද පෙරේරා මහතා සදහන් කළේය. දෙවන වරටත් සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම නඩුව නොවැම්බර් වන විටත් බ‍්‍රයන් ෂැඩික් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කර නොමැති අතර නැවත එම යුවල ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටින බවත් දින 50 මුළුල්ලේ ලංකාවේ සිටීයද  ඔහුගෙන් ප්‍රශ්න ඇසීම අවසන් කිරීමට අපොහොසත් වී තිබෙන බවද ලසිත පෙරේරා මහතා පවසයි.

බ‍්‍රයන් ෂැඩික් හා ජැනට් ෂැඩික්ගේ ඇටර්නි බලපත්‍ර ලංකාවේ හිමි තැනැත්තා වන ලසිත පෙරේරා වන මා විසින් ගම්මන්පිල මහතාට කිහිප අවස්ථාවක ඕනෑම මාධ්‍යක් සමග විවෘත විවාදයකට පෙනී සිටින ලෙස, ආරාධනා කළද මේ වන තුරු ඒ සදහා එතුමා පිළිතුරක් ලබා දී නොමැති බවද ලසිත පෙරේරා මහතා පවසයි.

ගම්මන්පිල මහතාගේ බිරිදට ද විරුද්ධව මේ වන විට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර එයද අවසන් වී නොමැති මොහොතක ඔවුන් ඔස්ට්‍රේලියාව පදිංචියට ගොස් තිබෙන බව ලසිත පෙරේරා මහතා පෙන්වා දෙයි.

පෑන් ඒෂියා බැංකුවේ කොටස් විකුණා මුදල් ලබා ගත් බව ශේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් උදය ගම්මන්පිල මහතා ලබා දුන්නද, එහි කිසිදු ස්ථානයක බ්‍රයන් ෂෙඩ්ක් මහතාට එම මුදල නැවත ලබා දුන් බව කිසිදු ලියවිල්ලක සදහන් වී නොමැති බවද ලසිත පෙරේරා මාධ්‍යට  ප්‍රකාශ කර සිටියේය.

බ්‍රයන් ෂැඩික් හා ජැනට් ෂැඩික් කිසිදු බොරු සාක්ෂියක් ලබා දී නොමැති බවත් නඩුවේ තීරණය අධිකරණ මගින් ලබාදෙන තෙක් කිසිම ලෙස මේ සම්බන්ධව ගම්මන්පිල ඇතුළු අයට මෙලෙස හිතූ හිතූ ලෙස අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බවද ලසිත පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ගම්මන්පිලට අධිකරණය නොතකා අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැහැ'
'ගම්මන්පිලට අධිකරණය නොතකා අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැහැ'
http://ift.tt/2mXbkBD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_560.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_560.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy