අමාත්‍ය මංගල සමරවීර පසුගියදා සිදු කළ ප්‍රකාශයට සිංහ සමාජයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පිළිතුරු ලබා දුන්නේය. ඒ අනුරාධපුරයේ පැවති විශේෂ ප්‍රවෘ...
අමාත්‍ය මංගල සමරවීර පසුගියදා සිදු කළ ප්‍රකාශයට සිංහ සමාජයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පිළිතුරු ලබා දුන්නේය.
ඒ අනුරාධපුරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
අමාත්‍ය මංගල සමරවීර විසින් මෙරට පළමු පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රසිද්ධ සමාජ සේවා සංවිධානවල සභාපතීත්වය දරන බවට ප්‍රකාශ කළේය.
පසුගිය 13 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපිය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේක ඉතාමත් බරපතළ ප්‍රකාශයක්. මොකද අපි දන්නවා සිංහ සමාජයේ සාමාජිකයෝ හැටියට සිංහ සමාජයක සාමාජිකත්වය ලබා ගන්න නම් ඔහුගේ චරිතය පිළිබඳ, ඔහුගේ සමාජ තත්ත්වය පිළිබඳ, ඔහුට සමාජයේ තියෙන පිළිගැනීම පිළිබඳව සොයා බැලීමක් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙණුව වගේ මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ව, ඒවගේම අස්වාභාවික ලිංගික ක්‍රියාවන්ට සම්බන්ධයෙන් සමාජයේ අපවාද වලට ලක් වෙලා තියෙන අයට, කුරුදු පොලු හමුදාවන් යවලා සමාජයේ භිෂණයක් ඇති කරලා, සමාජයේ පැවැත්මට තර්ජනයක් කරන පුද්ගලයන්ව සිංහ සමාජයේ සාමාජිකයන් හැටියට අපි බඳවා ගන්නේ නැහැ. ඒ නිසා සිංහ සමාජයක සාමාජිකත්වය ගන්න බැරි පුද්ගලයෙක් සිංහ සමාජය පිළිබඳව මේ වගේ දරුණු ප්‍රකාශයක් නිකුත් කිරීම සිංහ දිස්ත්‍රික්කයේ සාමාජිකයෝ සියලුදෙනාම ඒකමතිකව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා.”
COMMENTS