මිට වසර 35 කට අධික කාලයක සිට මෙම භුමිය තුල වගා කටයුතු සිදුකර ගෙන ගොස් ඇති මෙම ගොවින් ගේ ප්‍රධාන් අදායම් මාර්ගයද වන්නේ ගොවි තැනයි .නමුත් ...
මිට වසර 35 කට අධික කාලයක සිට මෙම භුමිය තුල වගා කටයුතු සිදුකර ගෙන ගොස් ඇති මෙම ගොවින් ගේ ප්‍රධාන් අදායම් මාර්ගයද වන්නේ ගොවි තැනයි .නමුත් කිසිදු දැනුම් දීමකින් තොරව ඵලදාව නෙලා ගැනීමටවත් අවස්තාවක් නොදී ලක්ෂ ගණන් මුදල් නයට ගෙන ගිය තම වගාවන් මේ කාරයෙන් විනාශ කිරීම අසාධාරණ කටයුත්තක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ .
රිදියගම සත්ව ගොවිපොළ භූමියට අයත් අක්කර 2800 ක පමණ ප්‍රදේශයක් තිබෙන අතර ඉන් මේ වනවිට සංවර්ධනය කර ඇත්තේ අඩක් පමණ වන අතර සංවර්ධනය නොකරන ලද කැළෑ ප්‍රදේශයන්ද අක්කර 1000 ක් පමණ තිබේ ඒ අතර අක්කර 50 ක පමණ භාගයක ගොවින් 60 ක් පමණ දෙනා මේ අයුරින් තම වගා කටයුතු සිදුකරගනිමින් ජිවත්වන බවයි ගොවින් පවසා සිටින්නේ .
එම ගොවිතැන් අතර කෙසෙල් ,තුඹ ,වට්ටක්කා ,කොමඩු , ඇතුළු .බෝංචි ,ඇතුළු විවධ වගාවන් දක්නට ලැබේ එම වගාවන්සදහා වට ඉදිකිරීමට ඩෝසර් යොදා ගනිමින් හානි සිදුකල බවත් ඒ අතර තම ජලනල පද්ධති සදහාද හානි සිදුවූ බව ගොවින් පවසා සිටි .
එමෙන්ම එම ගොවි බිම් වල එදිනෙදා කුලී වැඩ කරමින් තවත් පවුල් 400 ක පමණ ජිවිත රැකෙන බවත් එම නිසා තම ගොවි බිම් මේ අකාරයෙන් විනාශ කර තමන් ඒ තුලින් ඉවත් කිරීම තුල ප්‍රදේශයේ ජනතාව දැඩි ආර්ථික දුශ්කරතාවයන්ට පත්විය හැකිබවද ඔවුන් පෙන්වාදෙති .
නමුත් සංවර්ධනය නොකර මේ වනවිට කැළෑ ප්‍රදේශයන් ලෙස පවතින භුමි සංවර්ධනය කර පසුව අවශ්‍ය විටකදී තමන් වගාකරන භූමි ලබාදීමට තමන් කටයුතු කරන බවයි ගොවින් කියා සිටින්නේ .එතෙක් තම ගොවිතැන් මේ අයුරින් සිදුකරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙස ගොවින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි .
තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවින්
ඩි . ජි .අමිල ප්‍රියදර්ශන '' අපි අපේ දෙමාපියන්න්ගේ කාලයේ සිට මේ ඉඩම් වල වගා කරගෙන ජිවත් වුනා .අපි මේ ගොවිතැන් කරන්නේ බැංකුවලින් පොලියට ණය අරගෙන නමුත් අද වෙනකොට කිසිම හිතක් පපුවක් නැතිව මේ කෙසෙල් කැන් පොදිකරගෙන වැටක් ගන්න ඩෝසරයක් මේ වගාවන් උඩින් ගෙනියන්න නිලධාරින් කටයුතු කළා .මේවා නිලධාරින් කරන වැඩ නොවෙයි .ඇත්තෙන්ම මේ ගොවිපොලේ සංවර්ධන නොකර තිබෙන ඕන තරම් ප්‍රදේශය තියෙනවා අපි ඉලා සිටින්නේ එම භුමි සංවර්ධනය කරලා පසුව මෙම ඉඩම් ගන්නා ලෙසත් එතෙක් අපගේ වගාවන් කරගන්න ඉඩදෙන්නෙයි කියලා ''
එම් . ඒ ,මාලනී
''අපිට මේ සිද්ද වුන දේ ගැන අපි කනගාටු වෙනවා මොකද අපි වසරගනනාවක් තිවසේ ඉදලා මේ ගොවි බිම් වල වැඩ කරලා තමයි අපේ දරුවෝ ජිවත්කරවන්නේ මෝ ගොවි බිම් නැති වීමෙන් අපිට කන්න නැතිවෙනවා අපේ දරුවෝ අනාතවෙනවා .ඩෝසරයක් ඇවිල්ල මේ ගොවි තැන යටකරගෙන ගිය විදිය ගැන විශාල දුකක් දැනෙනවා .''
එම් .ජි . සුදන්ත
'' අපි මේ ඉඩම් වල වගා කරන්නේ අපේ මුත්තලාගේ කාලේ ඉදලා අපි ඉපදිලා තියෙන්නෙත් මේ ප්‍රදේශයෙමයි .ඉස්සර මෙම ගොවිපොළේ මායිම් තිබ්බේ ගොඩක් ඈතින් පස්සේ තමයි මෙම ප්‍රදේශය දක්වා වැඩි උනේ .එම ප්‍රදේශවලත් ඕනෑතරම් හෙළි නොකරන ලද ප්‍රදේශ තියෙනවා ඒවා හෙළි නොකර මේ අය අපි වගා කර තිබෙන තැනම ගන්න යනවා හතුරෝ වගේ ඇවිලා අපේ මේ වගාවන් විනාශ කළා .අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ අපරාධය නොකරන ලෙසයි .
කෙසේනමුත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ජාතික පශු සම්පත්මන්ඩලයේ උපසභාපති සොමච්ච්න්ද්‍ර ජයකොඩි මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ ගොවීන්ගේ ගොවිබිම් වලට හානි සිදුනොවන අකාරයෙන් අදාළ වට ඉදි කිරීම සදහා නිලධාරීන්හට උපදෙස් දුන් බවයි
'' අපි කලින් ගොවින් දැනුවත් කළා මේ ගොවිතැන් කටයුතු අවසන් වූ විට තවත් එම ප්‍රදේශයන් තුල ගොවිතැන් නොකරන ලෙස නමුත් දැනට ගොවිතැන් කර තිබෙන ගොවීන්හට එම පලදාව නෙලා ගන්න තුරු ගොවිතැන් කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව දිතිබෙන බවත් .මෙහිදී ගොවීන්ට යම් අසාදාරනයක් වී ඇත්නම් ඒ ගැන සොයා බලන බවද ඔහු ප්‍රකාශ කර සිටියේය .
-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS