පළාත් පාලන මතිවරණය කල්දැමීමේ නඩුවට තමන් කිසි ලෙසක අත්සනක් දමා නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවද ක්‍රීඩා අ...
පළාත් පාලන මතිවරණය කල්දැමීමේ නඩුවට තමන් කිසි ලෙසක අත්සනක් දමා නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවද ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසී ය.
“ඊයේ මා නොමැති අවස්ථාවේ දී නම සඳහන් කරමින් පළාත් පාළන මැතිවරණය නඩු පැවරීමට මගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කර තිබුණා. පහැදිළිව මම කියනවා, කිසිවිටෙක පළාත් පාලන මතිවරණය කල් දමන්න කියා අත්සන් කර නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිදු සම්බන්ධයක් නෑ. අතිගරු ජනාධිපතිතුමාත් සම්බන්ධ නෑ“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කාංචන විජේස්කර මහතා ඊයේ(16) පාර්ලිමේන්තුවේදී පැවසූවේ පළාත් පාලන ඡන්දය කල් දැමීමේ උප්පරවැට්ටිය පසුපස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු තිදෙනෙක් සිටින බවයි.
සීමා නීර්ණයට එරෙහිව ගොනු කළ පෙත්සම පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු තිදෙනෙක් සිටින බවත් ඔවුන්ගේ අනු දැනුම මත මේ සියල්ලම සිදු වන බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
එම ඇමතිවරුන් අතර දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා යන ඇමතිවරුන් මෙම පෙත්සම පිටුපස සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඒ අනුව මෙම පෙත්සම ගොනු කළ ඡන්ද දායකයන් හය දෙනාගේ දේශපාලන හිතවත්කම්ද හෙලි කරමින් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.
මෙම පෙත්සම ඉදිරිපත්කල පෙත්සම්කරුවන් 6 දෙනාගෙන් එක් අයකු වන්නේ මාතර දිස්ත‍්‍රික්යේ කොටපොල ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමාගේ පුත් පසඳ යාපා අබේවර්ධන පලාත් සභා මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් බවත් අනෙක් පුද්ගලයා පඩුවස්නුවර කොට්ඨාශයේ දෙවැනි කොට්ඨාශයට දයාසිරි ජයසේකර ඇමතිවරයා ඉදිරිපත් කිරීමට සිටින පුද්ගලයා බවත් අනෙක් පුද්ගලයා ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ මාර්ග සංවර්ධන අධිකාරියේ මේ මොහෙතෙද සේවයේ නියුතු පුද්ගලයෙක් බවද ඔහු කියා සිටියේය.
COMMENTS