ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන භාර කාරයාට සහ ශ්‍රී දළදා මාලිගා පරිපාලනයට අහිතකර විවිධ වාර්තා පළ වෙමින් පවතී. රන් ආයුද මණ්ඩපයේ පැවැති ව්‍යවස්ථ...
ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන භාර කාරයාට සහ ශ්‍රී දළදා මාලිගා පරිපාලනයට අහිතකර විවිධ වාර්තා පළ වෙමින් පවතී. රන් ආයුද මණ්ඩපයේ පැවැති ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් නමින් නිකුත් කළ නිවේදනය නිසා ඔහුට අවලාද නැඟෙන බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ විශ්වාස කරති. එයින් අදහස් වන්නේ නිලංග දෑලටත් දේශපාලන කෝන්තර පවත්නා බව විය හැකිය. රාජ්‍ය භාණ්ඩාගාරය කඩා සිල් රෙදි පූජා කළ අයද තමන්ට දේශපාලන හතුරන් මඩ ගසතී කියති. මෑතක සිට සමහර තක්කඩි බෞද්ධයෝ වංචා දූෂණ වසා ගැනීමට බුද්ධ චීවරයද පාවිච්චි කරති. නිලංග දෑලගේ ශ්‍රී දළදා මාලිගා පරිපාලනය පිළිබඳ සැක සංකා මාලිගාවෙන් එළියට පැමිණ හමාරය. ඒ සැක සංකා බුද්ධ චීවරයෙන් නො වසා නීතිය හමුවට පැමිණවිය යුතුව ඇත.
නිලංග දෑල යනු තමන්ට එරෙහිව නැගුණ චෝදනා අනියම් බලවේග මගින් මැඩගෙන සිටින්නෙක් බව බෙල්ලන්විල නා හිමි නො දන්නවා විය හැකිය. ඒ 26 පාර වසා ඔහු කරන මහජන කරදරය ඉන් එකක් පමණකි. යුද්ධය නිමකළ ආරක්‍ෂක අංශ ශ්‍රී දළදා මාලිගාව අවට ආරක්‍ෂාව සහතික කළ පසුව, ඒ 26 පාර විවෘත කරන ලෙස 2009 දෙසැම්බර් මස 22 දින ආරක්‍ෂක අමාත්‍යාංශය මහනුවර නගරාධිපති එල්. බී. අලූවිහාරේ මහතාට නියෝග කළේය. ඒ 26 මාර්ගයේ වාහන ගමනාගමනයෙන් මාලිගා පරිශ්‍රය අනාරක්‍ෂිත යයි දිය වඩන නිලමේ කල්පනා කරන්නේ නම් මාලිගා අරමුදලෙන් ආරක්‍ෂක වැටක් ඉදි කරගත යුතු බවට ආරක්‍ෂක අමාත්‍යාංශය එකී ලිපියෙහි නිර්දේශ කර තිබිණ. එකී නිර්දේශ තුට්ටුවට මායිම් නො කළ නිලංග දෑල දෙනෝ දහසක් වසර සිය ගණනක් ගමන් කළ පාර අවහිර කළා පමණක් නොවේ; තමන්ට ඕනෑ විටෙක විවෘත කර අවශ්‍ය පුද්ගලයන්ට බලයද ලබාගෙන ඇත. පාර වැසිම නිසා ප්‍රදේශයේ ජනතාවගේ සහ පරිසරයේ පැවැත්මට දැඩි තර්ජන එල්ලවී ඇත.
ඒ 26 පාර වැසීමෙන් ඇතිවූ අයහපත් තත්ත්වය නිසා මහනුවර මහ නගර සභාව පාර විවාත කරවා ගැනිම සඳහා මල්වතු මහ හිමියන් හමුව කරුණු කීහ. ඒ අවස්ථාවේ අතිගරු මල්වතු මහ නා හිමියෝ ඒ 26 මාර්ගය වහා විවෘත කළ යුතු බව ප්‍රකාශ කළහ. එයින් කලබලවූ නිලංග දෑල පාර විවෘත කළොත් මහ පාරේ නිදන බවට අස්ගිරි මහ නා හිමියන් ලවා රජය බිය ගැන්වීය. මේ අස්ගිරි නා හිමියන් දඹුලූ ක්‍රීඩාංගනයට පාරක් නොදුන්නොත් පාරේ සැතපෙන බවට ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන්ද තර්ජනය කළේය.
වායු දූෂණය උග්‍ර මහනුවර ඞීසල් දුමෙන් නගරය පිරි ඇත. නගරයට පිවිසෙන කෙටි මාර්ගය අවහිර විම නිසා අසාධ්‍ය ලෙඩුන් රැගත් ගිලන් රිය පැය ගණන් වාහන තදබද අතර සිරවේ. නීතියෙන් සුරක්‍ෂික කළ මහජන උපයෝගිතාවන් අනියමින් අවහිර කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඇත. එකී නඩුවට ඇතුළුවූ නිලංග දෑල ශ්‍රී දළදා අරමුදලෙන් ලක්‍ෂ ගණන් නීතිඥයන්ට ගෙවමින් සිටී. රජයේ නිර්දේශය අනුව, මාලිගාවේ ආරක්‍ෂාවට පවුරක් ඉදි කිරීම වෙනුවට රෝීන් මිනිස් පවුරක් ලෙස තබා ශ්‍රී දළදා මාලිගාවේ ආරක්‍ෂාව අපේක්‍ෂා කරති. ඉහත කී නඩුව සඳහා වැය කරන්නේ දළදා මාලිගාවේ පඬුරු කාසි ය. මල්වතු අස්ගිරි පාර්ශ්වයන් දෙකට බෙදුණ, රජය හිරවි සිටින මේ දෙපරාදුව නිර්මාණය කළේ නිංලග දෑල විසිනි.
පසුගිය ඔක්තෝබර් 27 වෙනි සිකුරාදා දිනමිණ ඩේලි නිවුස් පුවත්පත් හෙළිකළ මාලිගාවේ රාජකාරි ඉඩම් සින්නක්කර විකිණීම ප්‍රබන්ධයක් නොවේ. නිලංග දෑල 2012 ජනවාරි 22 දින වෙනත් පුවත්පතකට කළ ප්‍රකාශයක් අනුව, කිසි විටෙක මාලිගාවේ රාජකාරි ඉඩම් බදුදිම හෝ විකිණීම කර නැත. දළදා මාලිගාවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින්, මාලිගාව සතු ගම්පල පිහිටි වටිනා ඉඩමක් වෙන්දේසි කර ව්‍යාජ ඔප්පු සකසා විකිණීමට එරෙහිව තමා පියවර ගත් බව සහ එවැනි සිද්ධි ඇත්නම් මාලිගාවේ ඉඩම් අංශ ප්‍රධානි කහඳවලට අංක 081-2234226 සහ 071- 6861070 යන දුර කථන හරහා දැනුම් දෙන ලෙස නිලංග දෑල එම පුවත්පතට පවසා ඇත. එහෙත් දිනමිණ ඩේලි නිවුස් වාර්තාවලට පාදකවූ බී වාර්තාවට අනුව, කලූගමුවේ මල් නයිදාගේ වත්ත 2011 ජනවාරි 13දින ද, පේරාදෙණිය ඒදඬුවාව වත්ත 2006.07.06. දින විකුණා ඇත. එහි සැකකරු වන වනිගසේකර මුදියන්සේලා රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑල නමැත්තා එකී ඉඩම් රාජකාරි ක්‍රමයෙන් බැහැර කොට සින්නක්කරයේ විකුණා ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ දී පිළිගෙන ඇත.
ජනවාරි 8 දිනට පසුව, යටපත්වූ මේ විමර්ශන ආරම්භ විය. 2015 මැයි මස 15 දින දිනමිණ පත්‍රය ‘‘දියවඩන නිලමේගෙන් ප්‍රශ්න කිරීම අස්ගිරි මල්වතු මහා විහාරවල සංවේගයට කරුණක්’’ බව අස්ගිරි මහ නා හිමියෝ උපුටා දක්වමින් වාර්තා කරයි. මෙහි මහත් සවේගයෙන් කිව යුත්තේ රන් අයුද මණ්ඩප විගඩමේදි මෙන් මෙම ප්‍රකාශයටද මල්වතු මහ නා හිමියන් මැදිහත්ව නැති බවය.
යහ පාලන රජය බලයට පත්වූ පසුව, නිංලග දෑලට එරෙහි පරීක්‍ෂණ ආරම්භ විය. එදා නිලංගට සිටියේ අස්ගිරි පංසල පමණ ය. අද ව්‍යවස්ථාව නිසා බෙල්ලන්විල පංසලද නිලංග දෑලට ආරක්‍ෂාව සපයන බව පෙනේ. ගලගොඩ අත්තේ භික්‍ෂුව ශාසනයට නුසුදුසු බව කී බෙල්ලන්විල නා හිමියෝ සත්‍ය දනිති නම් නිංලග රකින්නේ නැත. නිලංග දෑලට මහ පාරවල් වැසිමට, රාජකාරි ඉඩම් සින්නක්කරයේ විකිණීමට, විහාර දේවාල ගම් පනතේ විධිවිධාන නොතකා හැරිමට බලයක් නැත. ඇසළ පෙරහැරට එන නර්තන ශිල්පීන්ට ගිමන් හැරීමට ඓතිහාසික මගුල් මඩුවේ අවසරය ලිඛීතව ලැබේ. එහි දැව කණුවල ඇන නොගැසිය යුතු බවට පුරා විද්‍යා කොමසාරිස් පනවන කොන්දේසිවලට පවා දියවඩන නිලමේ තනතුර යටත්ය. විහාර දේවාලගම් පනතේ විධිවිධාන අනුව දියවඩන නිලමේ තනතුරට පත් නිලංග දෑල පාරවල් වසන, රාජකාරි ඉඩම් සින්නක්කරයේ විකුණන, මාලිගාවේ ගිණුම් වාර්තා නො දී සිටිමේ බලය රාජපක්‍ෂ කාලයේ පැවරී තිබුණාට සැක නැත. සිය ඥාති පුත්‍රයාට සහ කතරගම දේවාලයට සීමාවන ලෙස විහාර දේවාලගම් පනත වෙනස් කළ මහින්ද රාජපක්‍ෂ බලයෙන් විසිවි වසර තුනකට ආසන්නය. මහින්ද රාජපක්‍ෂ නිලංග දෑලට දුන් ආරක්‍ෂාව අස්ගිරි පන්සල ලබා දෙන බව සිදුවන දෙයින් පැහැදිලිය. මේ අනුව නිලංග දෑලගේ තනතුර අත්හිටුවා ඔහුට එරෙහි පරීක්‍ෂණ වහා සිදු කළ යුතුවේ. යහ පාලනය කියන්නේ රවි කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් ආදි චෝදනා ලැබුවන් ඉවත් කිරීම පමණක් නොවේ. තම ආධිපත්‍ය වෙනුවෙන් නිලංග දෑල මල්වතු අස්ගිරි සංඝයා උනුන් බේද කර හමාරය. පසුගිය සතියක රන් ආයුද මණ්ඩපයේ දී මහ නා හිමිවරුන්ගේ නම් විකුණා රජයට එරෙහිව කළ විගඩමේ කතුවරයා නිලංග දෑල බව හෙළිවී හමාරය. සමහර රටවල ජනතාවාදි ආණ්ඩු පෙරලූවේ මත් ද්‍රව්‍ය සල්ලි වලිනි. ලංකාවේ යහ පාලනයට ජනතා අයිතියට එරෙහිව මාලිගාවේ පිං පෙට්ටියට වැටෙන සල්ලි පාවිච්චි කිරීමට එරෙහිව වහා වැට බැඳීය යුතු වේ.
ඒ 26 පාර වැසීමත් රන් ආයුද මණ්ඩපයේ විගඩමත් යන අවස්ථා දෙක අනුව නිලංග දෑල බරපතල චරිතයකි. ඔහු නීතියෙන් පිට මුක්තියක් අපේක්‍ෂා කිරීම පවත්නා ආණ්ඩුවට යහපාලනයට අභියෝගයකි. යහ පාලකයන් නිලංග දෑලගේ තනතුර අත් හිටුවා, ඔහුට එරෙහි චෝදනා ගැන පියවර ගතයුතුව ඇත. ඒ 26 පාර විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහනුවර ජනතාවට දුන් පොරොන්දුවකි. අස්ගිරි භික්‍ෂුන් ඊට අවහිර කරන්නේ නිලංග දෑල නිසාය. පාර වැසීමෙන් අපේක්‍ෂා කරන ශ්‍රී දළදා මාලිගාවේ ගෞරවයට නිලංග දෑල සිදු කළ විනාසය තහවුරු කිරිමට, මහනුවර ජනතාව ජනාධිපති කොමිසමක් අපේක්‍ෂා කරති. ඒ 26 පාර සම්බන්ධව මල්වතු අස්ගිරි මතය සමාන නොවේ. එය පාලකයන් විසින් තීරණය කළ යුතුවේ.
නිශ්ශංක විජයරත්න තෙක් ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාරත්වය දැරූවේ කන්ද උඩරට ප්‍රභූ රදළ වැඩිහිටියන්ය. ඔවුන් ශ්‍රී දළදා මාලිගාව භාරව සිටි අවදියේ හැසිරුණේ තමන් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන දායකයා හැටියටය. ගමේ පංසලේ කඨින පිංකමට මිහිදු පෙරහැරට අවශ්‍ය වියදම් කෙරුණේ ගමේ මිටි හාල් සල්ලි සහ සම්මාදම් මුදල් ය. තවත් අඩුපාඩු තිබුණා නම් ප්‍රධාන දායකයා අත දැම්මේ පංසලේ පින් පෙට්ටියට නොවේ. තමන්ගේ සාක්කුවටය. ඒ අභ්‍යාසයෙන් ගත් කල ගමේ පංසලේ ප්‍රධාන දායකයාත් දිය වඩන නිලමේත් වෙනස් වන කරුණු කතා කිරීම සදාචාර නැත. නිශ්ශංක විජයරත්නට පසුව ශ්‍රී දළදා භාර කාරයන්ට රජ පිස්සුවක් වැළඳිණ. ආරක්‍ෂාවේ මුවාවෙන් මුලින්ම ඒ 26 පාර වැසුවේ නිරංජන් විජයරත්න විසිනි.
අද රටේ දේශපාලන ප්‍රශ්නවලට දූෂණ චෝදනාවලට නම කියැවෙන තැනට ශ්‍රී දළදා මාලිගාවේ ගෞරවය පලූදු වී ඇත. වර්තමාන දියවඩන නිලමේගේ සත්‍රිය ස්වභාවය ගැන රටම ප්‍රශ්න කරති. රත්රන් බුදු පිළිම සිද්ධිය පිළිබඳ කු ප්‍රකට සරත් නන්ද සිල්වා ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව හෙල්පින් හම්බන්තොට තීන්දුව මෙන් මගඩියක් යට ගැසීමකි. මහ නා හිමිවරුන් ගෙන් සාක්කි නො විමසන සම්ප්‍රදාය අනුව, නිලංග දෑලට එරෙහි බුදු පිළිම චෝදනාව නිශේධ කෙරිණ. මුදල් විසුද්ධී කරණ පනත යටතේ නිලංග දෑල පිළිබඳ පරීක්‍ෂණ නතර වුණේ අස්ගිරි මහ නා හිමියන්ගේ විරෝධය නිසාය. විහාර දේවාල ගම් පනත අනුව, ශ්‍රී දළදා මාලිගාවේ අය-වැය වසර ගණනාවක් ඉරිදිපත් නො කිරීම ගැන පැවරුණ නඩුව තවමත් අවසන් නැත. මාධ්‍ය වාර්තා සමඟ නිල ඇඳුමෙන් සැරසුණ නිලංග දෑලගේ ඡායාරූප පළ කිරිමටද වරක් භික්‍ෂුන් වහන්සේලා විරෝධය පළ කළ බව ද සිහිපත් කළ යුතුවේ.
මේ සාරාංශ කිරීම, ගරුතර බෙල්ලන්විල විමලරතන නා හිමියන්ට අභියෝග කිරිමක් නොවේ. හොරුන් තක්කඩියන් අනියමින් ගැලවි යන අවස්ථා පවත්නා බව රටේ පාලකයන්ට සිහිපත් කිරීම පිණිසය.
-නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන (සිළුමිණ)

COMMENTS