සයිටම් ආයතනය අහෝසි කරන බවට හර්ෂ ද සිල්වා කමිටුව තීරණය කර ඇති නිසා සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන වි...
සයිටම් ආයතනය අහෝසි කරන බවට හර්ෂ ද සිල්වා කමිටුව තීරණය කර ඇති නිසා සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව මාලබේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය සඳහන් කරයි.
සයිටම් ගැටළු විසඳීම සඳහා වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවල පවා මාලබේ වෛද්‍ය විද්‍යාලයේ දරුවන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබුණත්, මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව සයිටම් ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ හර්ෂ ද සිල්වා කමිටුව සයිටම් ආයතනය අහෝසි කරන බවට ප්‍රකාශ කළත්, මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන 800ක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා වෛද්‍ය උපාධිය ලබා තිබෙන 80ක් පමණ වූ උපාධිධාරීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කිසිදු යෝජනාවක් සිදු කර නොමැති බවද පවසා සිටියේය.
මේ නිසා ලබන ජනවාරි මාසයට පෙර මාලබේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත් කරන ලෙසට ඊයේ (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද සඳහන් කළේය.
COMMENTS