මෙම අනවශ්‍ය විවාදය හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳ අනවශ්‍ය ගැටලුවක් ඇති කරනවා පමණක් නොව එය දෙමළ ජනතාව සහ සිංහල ජනතාව ...
මෙම අනවශ්‍ය විවාදය හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳ අනවශ්‍ය ගැටලුවක් ඇති කරනවා පමණක් නොව එය දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ද හේතු වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඔරුමිත්තනාඩු යනුවෙන් හැඳින්වීම තුළින් සුළු ජාතීන්ට වැඩි බලයක් හිමිවන බවට සිංහල ජනතාව අතරත් ඒකීය යනුවෙන් හැඳින්වීම තුළින් සුළු ජාතීන්ට අසාධාරණයක් සිදුවන බව දෙමළ ජනතාව අතර දුර්මතයක් ඇතිකර තිබෙන බව පෙන්වා දෙන ඩග්ලස් දේවානන්ද මහතා අවධාරණය කරන්නෙ එම අදහස් සියල්ල වැරදි බවයි.
මෙම අනවශ්‍ය විවාදය හේතුවෙන් මහ නාහිමිවරුන් ද නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් වැරදි වැටහීමක් අති කරගෙන සිටින බව ද මන්ත්‍රීවරයා පවසයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත්කම අවධාරණය කරන ඩග්ලස් දේවානන්ද මහතා පවසන්නේ එය ක්‍රියාවට නැංවිය යුතු බවයි.
මෙවැනි අනවශ්‍ය කතාබහ නිර්මාණය කිරීමෙන් වැලකී ජාතීන් අතර සුහදතාවය, සාමය ආරක්ෂා කළහැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ කටයුතු කළයුතු බව දේවානන්ද මහතා පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS