දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නැව් කර්මාන්තයේ ඒකාධිකාරයට මංගලගෙන් කනේ පාරක් !
Homeප්‍රවෘත්ති

නැව් කර්මාන්තයේ ඒකාධිකාරයට මංගලගෙන් කනේ පාරක් !

PropellerAds

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන බලය යොදවාගෙන, නාවුක ක්ෂේත්‍රයේ ඒකාධිකාරය ගොඩනගාගත් මෙම සමාගම් දෙක රජයේ ප්‍රතිපත්තියට එරෙහි කුමන්ත්‍රණය දියත් කර ඇ...

අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පූරුවෙන් පැන යයි.. පිටුවහල් කිරීම ඇණහිටී
එජාප ජනාධිපති අපේක්‍ෂක වෙන්න කරූ සූදානම්.. සහයෝගය ඉල්ලා අනුරට අමතයි
ජනාධිපතිවරණයෙන් ජය ගන්න හැටි ලිඛිතව පෙන්වන්නැයි අගමැති සජිත්ට කියයි
නැව් කර්මාන්තයේ ඒකාධිකාරයට මංගලගෙන් කනේ පාරක් !
රාජපක්ෂ රෙජීමයේ දේශපාලන බලය යොදවාගෙන, නාවුක ක්ෂේත්‍රයේ ඒකාධිකාරය ගොඩනගාගත් මෙම සමාගම් දෙක රජයේ ප්‍රතිපත්තියට එරෙහි කුමන්ත්‍රණය දියත් කර ඇත්තේ නාවුක කර්මාන්තයේ ඔවුන් සතු ඒකාධිකාරය බිඳවැටීමේ අවදානමක් මතුව ඇති නිසාය.
 
මේ ආකාරයෙන් මෙරට භාණ්ඩ මෙහෙයුම් සහ නාවුක කර්මන්තයේ පවතින නීති වෙනස් කිරීමේ රජයේ යෝජනාව 2018 අයවැය යෝජනා හරහා පසුගිය බ්‍රහස්පතින්දා (09) ඉදිරිපත් කළ අතර ඊට පසුදින එනම් සිකුරාදා (10) දිනයේ McLarens සහ Hayleys යන සමාගම් දෙකෙහි ප්‍රධාන පෙලේ නිලධාරීන් කිහිපදෙනෙකු එකතුව මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල ආරම්භ කර ඇත.
 
සමාගම්වල සහායට ඇමතිවරුන්
 
අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත ආරංචිමාර්ගවලට අනුව අදාළ සමාගම් ප්‍රධානීන් රජය ගෙන ඇති තීරණය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥන් හට මුල්‍යමය සහ විදෙස් දේපළ, සංතෝසම් ලෙස ලබාදීමට සැලසුම් කර ඇත.
 
ඒ වෙනුවෙන් මේවන විටත් ආණ්ඩුවේ ප්‍රබලයින් දෙදෙනෙකු එකඟකර ගැනීමට අදාළ සමාගම් දෙක කටයුතු කර ඇති අතර, ඔවුන් කැබිනට් මණ්ඩලය තුළ සහ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඒ වෙනුවෙන් මතය සකස්කර දීමට පොරොන්දු වී ඇත. අදාල ඇමතිවරුන් දෙදෙනා වන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන දෙදෙනාය.
 
එසේම ඉදිරියේදී නාවුක කටයුතු ලිහිල්කරණය කිරීමට එරෙහිව ජනමතයක් ගොඩනැගීම වෙනුවෙන් තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟද එකඟතාවට පැමිණ ගනුදෙනු කතාකරගෙන ඇත. එයින් වාමාංශික කියන පක්ෂයක් මේ වන විටත් ලබාදී ඇති මුල්‍ය ආධාර වෙනුවෙන් කෘතගුණ දැක්වීමට පොරොන්දුවී ඇති අතර ඒ වෙනුවෙන් වන මැදිහත්වීම මේ වන විට ආරම්භ කර ඇත. 
 
එසේම දෙපාර්ශ්වය අතර සිදුකළ එක් සාකච්ඡාවකදී ආදාළ සමාගමක එක් ප්‍රධානියෙක් නාවුක වෙළඳ ක්ෂේත්‍රයේ තම ඒකාධිකාරය බිඳීමට වත්මන් පාලනය සුදානම් වෙනවා නම් එම “ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඕනම මිලක් ගෙවීමට තම සමාගම සුදානම්” බව පවසා ඇති බවද වාර්තා වෙයි.
 
මෙරට නාවුක කර්මාන්තය තුළ පෞද්ගලික අංශය නියෝජනය කරන සමාගම් කොතරම් පැවතියද මහා පරිමාණ ජාත්‍යන්තර සමාගම්වල දේශීය ඒජන්තකම ඇතුළුව සමස්ත කර්මාන්තයෙන් 70% ක පමණ මෙහෙයුම් කටයුතු අත්පත්කරගෙන සිටින්නේ ඉහත සඳහන් McLarens සහ Hayleys යන සමාගම් දෙකයි. අනෙක් සියලු සමාගම් සතුව පවතින්නේ 30% ක පමණ කුඩා ප්‍රමාණයක්ය.
 
රාජපක්ෂවරුන් හා සබඳකම්
 
කෙසේ වුවත් නාවුක කර්මාන්තය සහ භාණ්ඩ හුවමාරුව නවීන ලෝක ඉල්ලුමට සරිලන ලෙස ලිහිල්කරණයක් සිදුකළ යුතුව ඇති බව කාලයක් තිස්සේ යෝජනා වුවත්, මෙම ඒකාධිකාරී සමාගම් දෙක දස අතේ මුදල් වියදම්කර ඒ අවස්ථාව අවුරා දමන්නට කටයුතු කර ඇත. විශේෂයෙන් පසුගිය රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ පුත්‍රයන් සමඟ ජාත්‍යන්තර නැව් සමාගම් නියෝජිතයන් හමුවීමට ගොස් අදාළ සමාගමේ දේශීය නියෝජිතත්වය තමන්ට අවශ්‍ය බවත් ජනාධිපතිගේ පුත්‍රයින් සමඟ තමන් ව්‍යාපාර කටයුතු කරන බැවින් අනෙක් දේශීය සමාගම් වෙත ලබාදී ඇති ඒජන්ත අවස්ථා ඉවත්කරන ලෙස බලපෑම් කිරීමටද McLarens සහ Hayleys සමාගම් දෙක කටයුතු කර ඇත.
 
අදාළ සමාගම් දෙකෙන් Hayleys සමාගම එසේ රාජපක්ෂ පුත්‍රයන් ඉදිරියේ තබාගෙන මෙරට නාවුක කර්මාන්තයේ ඒකාධිකාරය ගොඩනගාගන්නට කටයුතු කරන සමයේ McLarens සමාගම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ නාවුක කර්මාන්තය සම්බන්ධව සෘජු සම්බන්ධතා ඇතිකර ගනිමින්ය. ඒ හිටපු ජනාධිපතිගේ  නාවුක කටයුතු වලට අදාළව ප්‍රතිපත්ති නියාමනය කිරීම වෙනුවෙන් වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය ලබාගනිමින්ය.
 
2015 ජනවාරි 08 බලපෙරලියෙන් පසුව රාජපක්ෂ පුත්‍රයන්ගේ හයියෙන් ඒකාධිකාරය ගොඩනගන්න ගිය  Hayleys සමාගම තම සමාගම් සමුහයට අයත් කැසිනෝ ව්‍යාපාර හරහා රාජපක්ෂලාගේ කළු සල්ලි රහසේ සුදු කිරීම ආරම්භ කල අතර අනෙක් සමාගම වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගන්නට කටයුතු කරනු ලැබිණ.
 
බණ්ඩාරනායක වෙච්ච දේ නැවතත්
 
එදා රාජපක්ෂගේ ලපටි පුතාලා සිය කපටි ව්‍යාපාරික අරමුණු ක්‍රියාවට නැගීම වෙනුවෙන් නරුම ලෙස කඩේ යවා දේශීයව ක්‍රියාත්මකවූ අනෙක් සමාගම් බිඳ වට්ටන්නට කටයුතු කල සමාගමක් අද “මේ වැඩේට ආවොත් බණ්ඩාරනායකට වෙච්ච දේ ආයෙත් වෙන්න පුළුවන්” කියන තැනට පත්ව ඇත. එය ආණ්ඩුවේම කැබිනට් අමාත්‍යවරුන් සමඟ පවසන්න තරම් ප්‍රබල වී ඇත. රාජපක්ෂ සමඟ නැව් සෙල්ලං කල අනෙක් සමාගම වන McLarens මේ වන විට “කරලා බලන්න කියන්නකෝ’ කියන තැනට පත්ව ඇත. සත්‍යය නම් මැක්ලරන්ස් සමාගම හිමි රොහාන් සිල්වා අදටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටීමයි.
 
shippingඋපුටා ගැනීම ටෙලිකොම් සමාගමේ වෙබ් අඩවියෙන්
 
නාවුක කටයුතුවලට අදාළව පවතින සීමා හේතුවෙන් මෙරට නාවුක කර්මාන්තයේ වර්ධනය ඇනහිට ඇති බවට දිගින් දිගටම ඉල්ලීම් සිදුවුවත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවුයේ මේ පසුබිම නිසාය. එනිසාම මෙරට ආසියාවේ නාවුක කේන්ද්‍රයක් බවට පත්කරන්නට කොතරම් යෝජනා සහ වැඩසටහන් ඉදිරිපත් වුවත් ඒ කිසිවක් ක්‍රියාවට නැගුණේ නැත.
 
අවම වශයෙන් මේ ගැන වන කතා බහක්වත් රට තුළ සිදු නොවුයේ ඉහත නාවුක ක්ෂේත්‍රයේ ඒකාධිකාරය ගොඩනගාගන්නට තරග කරන ප්‍රධාන සමාගම් දෙකෙහි මැදිහත්වීම නිසාය.
 
නාවික ක්ෂේත්‍රයේ ඒකාධිකාරය 
 
සාමාන්‍යයෙන් මහාපරිමාණ ජාත්‍යන්තර නාවුක සමාගමක දේශීය ඒජන්තධුරය එක් සමාගමක් වෙත ලබාගත හැකි නමුත් එකම දේශීය සමාගමකට ජාත්‍යන්තර සමාගම් කිහිපයක ඒජන්තධුරය ලබාදෙන්නේ නැත. එහෙත් මේ වන විට අදාළ සමාගම් දෙක ජාත්‍යන්තර සමාගම්වල කලාපීය ප්‍රධානීන්ගේ මනදොළ පුරවා ජාත්‍යන්තර සමාගම් කිහිපයකම දේශීය ඒජන්තධුර ලබාගෙන ඇත. 
 
මේ ආකාරයෙන් නාවුක කටයුතු සහ භාණ්ඩ හුවමාරුවට අදාළව දේශීය ඒකාධිකාරයක් ගොඩනැගී ඇත්තේ මෙරට නාවුක ක්ෂේත්‍රයේ ඇති යල්පිනු නීතියක් හේතුවෙනි. එම යල්පිනූ නීතියට අනුව නාවුක කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරීත්වය 40% කොටසකට සීමා කර ඇත. ඒ අනුව කවර සමාගමක් මෙරටට පැමිණියත් සිය මෙහෙයුම් සිදුකිරීමේදී දේශීය ඒජන්තයකු අවශ්‍යය. McLarens සහ Hayleys සමාගම් දෙක මෙන්න මේ කියන දේශීය ඒජන්තකම හරහා හිමිවන 60% කොටස වෙනුවෙන් තරගයක නිරත අතර ඉහත කී සියලු තක්කඩිකම් සිදුකරන්නේ ඒ වෙනුවෙන්ය.
 
දැනට ඉහත කී ඇමතිවරුන් දෙදෙනා වන සුසිල් ප්‍රේම්ජන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා එකී ව්‍යාපාරික තක්කඩිකම වෙනුවෙන් පාවිච්චි වෙමින් ඇත. තවත් දේශපාලන පක්ෂයක්ද ඒ වෙනුවෙන් වැඩ අල්ලා ඇත. ඔවුන් කියන්නේ මෙම කර්මාන්තය විදෙස් සමාගම් වෙත විවෘත කළ විට දේශීය ඒජන්තයන් සහ ව්‍යවසායකයින් නැතිවී යන බවය. ඒ හරහා රැකියා අහිමිවන තත්වයක් මතුවන බවය. නමුත් කණගාටුවට කරුණ වන්නේ මේ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉහත සමාගම් දෙක මුලිකව සිදුවන ඒකාධිකාරය තුළ මෙරට නාවුක කර්මාන්තයට සිදුව ඇති හානිය වසං කිරීමය.
 
එහෙයින් දැනට මේ කර්මාන්තය පවතින ඇත්ත තැනද හෙලිකල යුතුව ඇත. CASA ලෙස එනම් ලංකා නාවුක ඒජන්තයින් ලෙස මෙරට සමාගම් සිය ගණනක් ලියාපදිංචි වී ඇතත් සංවිධානය වී ඇතත් සැබවින්ම සක්‍රීයව මේ කර්මාන්තයේ නියැලෙන්නේ සීමිත සමාගම් කිහිපයක් පමණය. එයින්ද සමාගම් ගණනාවකම සැබෑ හිමිකාරීත්වය ඇත්තේ ඉහත කී ඒකාධිකාරී සමාගම් දෙක සතුවය. අනෙක් සමාගම් කිහිපය සතුව ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයක් පමණි. ඒ අනුව ඉතාම පැහැදිළිව කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන ඉහත සමාගම් මේ වන විටත් සැලසුම් කර ඇත්තේ අනෙක් සමාගම් සතු 30%ක් පමණ වන කුඩා කොටස කඩා ගැනීමටය.
 
මේ ගැන අවිශ්වාසයක් ඇත්නම් සිදුකල යුතුව ඇත්තේ ජාත්‍යන්තර නැව් සමාගම්වල දේශීය නියෝජිතයන් ලෙස අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන්නේ කවුද යන්න සොයා බැලීමය. කර්මාන්තය ඇති ඇත්ත දැන ගැනීමට ඒ හොඳටම ප්‍රමාණවත්ය. එසේම අප රටේ මහා පරිමාණ නැව් සමාගම් හෝ භාණ්ඩ පරිවහණ කටයුතු සිදුකරන සමාගම් නැත. එහෙයින් දැනුත් සිදුවෙමින් පවතින්නේ සමාගම් දෙකක ඒකාධිකාරය මත මෙරට නාවුක කර්මාන්තය වර්ධනය එක තැන ඇනහිටීමය.
 
අනෙක් අතට නාවික කර්මාන්තයේ පිළිගත් නීති අනුවද එකම සමාගමකට ජාත්‍යන්තර සමාගම් කිහිපයක ඒජන්තධුරය ලැබිය නොහැකිය. එහෙත් පවතින තත්ත්වය ඉහත සමාගම් දෙක සමනය කරනු ලබන්නේ තරු පන්තියේ හෝටල් යහන් වල සිට ඩොලර් මළු දක්වා යොදාගෙන ජාත්‍යන්තර නියෝජිතයන්ට ලබාදෙන සන්තෝසම් හරහාය. ඒ හෝටල් මොනවාද ඒවායේ සිදුවන්නේ කුමක්ද?, ඒ හෝටල් අයිති කාටද?, එම හෝටල් සහ ඉහත සමාගම් වලට ඇති සම්බන්ධය කුමක්ද? යන්න ගැන තොරතුරු අප සතු නමුත් දැනට අප ඒ විස්තර ලියන්න යන්නේ නැත. එහෙත් මේ තක්කඩි වැඩ වල සීමාව තව දුරටත් පුළුල් කරනවා නම් අපේ ඒ විස්තර අඩු නැතුව හෙළිකරන්නට අප කටයුතු කරන බව පමණක් දැනට දැනුම්දෙමු.
 
එසේම McLarens සහ Hayleys සමාගම් දෙක නාවුක ඒකාධිකාරය ගොඩනගා ගැනීම සිදුකල ආකාරය, ඒ වෙනුවෙන් රාජපක්ෂලා සමඟ සිදුකල ගනුදෙනු, ඒජන්තධුරය ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය බලය යොදවා ජාත්‍යන්තර නාවුක සමාගම් වෙත බලපෑම් සිදුකල ආකාරය මෙන්ම රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කල ආකාරය ගැනද සැලකිය යුතු විස්තර අප සතුව ඇත.
 
එපමණක් නොව වත්මන් ආණ්ඩුවේ උදවිය සමඟ සිදුකරන ගනුදෙනු මෙන්ම රාජපක්ෂ අවතාරවලට අවශ්‍ය ලෙස ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බලපෑම් කිරීමට යොදාගන්නා කපුවන් ගැනද විස්තර ඉදිරියේදී හෙළිකරන්නට අප සුදානම්ය. එහෙයින් කාගේ කාගේත් සුදු වස්ත්‍ර ඉදිරියේදී ආරක්ෂාවීම තීරණයවීමට නියමිතව ඇත්තේ දැන් සිදුකරන කළු වැඩ සීමා කිරීම හරහාම පමණක් බව ඒ උදවිය තේරුම් ගත යුතුව ඇත. 
 
කෙසේ වුවත් මේ වන විට රට හමුවේ පැනනැග ඇති ගැටලුව වනුයේ මේ වන විට නාවුක සහ භාණ්ඩ හුවමාරු කර්මාන්තයේ ප්‍රවණතාව සහ මෙරට නීතිය එකිනෙකට නොපෑහීමය. ඒ අනුව මේ වන විට නාවුක කර්මාන්තයේ ප්‍රවණතාව වී ඇත්තේ එහි කටයුතු හැකි උපරිමයෙන් ලිහිල්කරණය කිරීමය. නිදර්ශන ලෙස ඉන්දියාව , පකිස්තානය, සිංගප්පූරුව , හොංකොං වැනි මේ කලාපයේ රටවල් 100%ක් නාවුක කර්මාන්තයේ විදෙස් හිමිකාරීත්වය පිළිගෙන ඇත. ඒ අනුව ලෝකයේ මහා පරිමාන සමාගම් ඒ රටවල් කේන්ද්‍ර කොටගෙන සිය මෙහෙයුම් කටයුතු සිදුකරයි. 
 
කලාපීය රටවල අත්දැකීම්
 
භූ භෞතික පිහිටීම අනුව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තීරණාත්මක වැදගත් තැනක පිහිටා ඇති අතර මෙරට තුළ නිදහසේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට විදෙස් සමාගම් වෙත නිදහස ලබාදීම හරහා ඉහත පිහිටීමේ වාසිය රටට ලබාගැනීමට හැකියාව කොහෙත්ම ප්‍රතික්ෂේප කල නොහැකිය. නිදර්ශනයක් ලෙස ඉන්දියාවේ එක් ප්‍රාන්ත අතර බදු ප්‍රතිශත වෙනස්ය. එසේම එය අති විශාල රටක් බැවින් එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකය භාණ්ඩ පරිවහණයේ පමාවීම් රැසක් පවතී. නමුත් මෙරට තුළ මහා පරිමාණයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බිහිකළ හැකිනම් නිතැතින්ම ආසියාවේ නාවුක මධ්‍යස්ථානය බවට මෙරට පත්වේ. ඒ එක් බදු සීමාවක් තුළ සියලු පරිවහණ සිදුකිරීමට අදාළ සමාගම් වෙත ඉඩ ලැබෙන නිසාය.
 
අනෙක් අතට ලෝකයේ ප්‍රධාන පෙලේ නාවුක සමාගම් වෙත නිදහස ලබාදීම හරහා රටට මුදල් ගලා එන්නේ ඩොලර් ලෙසය. එම ආයතන වල රැකියා කරන මෙරට වෘත්තිකයින් හට වැටුප් හිමිවන්නේද ඩොලර් වලින්ය. සැබවින්ම 2018 අයවැයේ යෝජනාව සකස්වී ඇත්තේද ඒ වෙනුවෙන් ය. එනම් “වඩාත් හොඳ තරගකාරීත්වයක් සහතික කිරීම සඳහා ස්වාධීන වරාය නියාමකයකු (PORT REGULATOR ) හඳුන්වාදීමය. ඒ සමඟ නාවුක සහ භාණ්ඩ මෙහෙයුම් කටයුතු වල විදෙස් ආයතන වෙත ඇති සීමාවන් ලිහිල් කිරීමය. ඒ හරහා ජාත්‍යන්තර ප්‍රධාන නාවුක සමාගම් සහ භාණ්ඩ හුවමාරු ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු වල නිරතවීමට අවස්ථාව සැලසීමය. එසේම වචන වලට සීමා නොකර සැබෑවටම, පිවිසුම් වෙළඳාම, විවිධ රටවල් සම්බන්ධකර ගනිමින් කරනු ලබන අක් වෙරළ ව්‍යාපාර ඇතුළත් භාණ්ඩ හුවමාරු කේන්ද්‍රයක් (Logistics Hub) බවට මෙරට පත්කිරීමට හැකියාව ලැබෙන්නේද එවිටය. 
 
සැබවින්ම මේ නීතිය වෙනස් කරන්නට යන්නේ වර්ධනය වෙනුවෙන් ඇති සීමා ඉවත්කර ගැනීමටය. දැනටමත් ලොව විශාලතම නැව් සමාගමක් වන මර්ස්ක් ලයින් අයවැය යෝජනාව පිලිබඳ සතුට පළකර ඇති අතර ඒ පිලිබඳ එම සමාගමේ ඉන්දියාව, මාලදිවයින, ශ්‍රී ලංකාව කලාපය භාර කළමනාකාර අධ්‍යක්ෂ ස්ටීව් ෆෙල්ඩර් නිවේදනයක්ද නිකුත් කර ඇත. සැබවින්ම  ආසියාවේ නාවුක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ජාතික අභිලාශය සාර්ථක කර ගැනීමට නම් එවැනි මහාපරිමාණ සමාගම් රැසක් තරගකාරී ලෙස මෙරට පාවිච්චියට ගතයුතු අතර ඔවුන්ගේ වෙළඳ කටයුතු පළල්වීමට සාපේක්ෂව එහි සෘජු බදු ආදායම් මෙරටට ගලාඑන ක්‍රමයක් තුළ කටයුතු කල යුතුව ඇත. සැබවින්ම සමාගම් දෙකක ඒකාධිකාරය හරහා මේ කටයුත්ත සිදුකර ගත හැකිනම් වසර ගණනාවක් තිස්සේ නාවුක කර්මාන්තය එකතැන පල්වීමට හේතුවක් නැත. එතෙක් අපට කියන්නට ඇත්තේ දැනට දේශීය නැව් ව්‍යවසායකත්වය ගැන කියන කතා සියල්ල, ඒ ඇසෙන හඬ රාජපක්ෂ අවතාර මෙහෙයවන ඔවුන් නිසාම ඒකාධිකාරය  අත්කරගෙන සිටින  සමාගම් දෙකක සංතෝසම් වෙනුවෙන් නැගෙන හඬක් මිස, අපේ රට ආසියාවේ නාවුක කේන්ද්‍රස්ථානය කිරීමේ අපේක්ෂාවෙන් ඇසෙන හඬක් නම් නොවන බවය. 
 
කාශ්‍යප කොතලාවල  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැව් කර්මාන්තයේ ඒකාධිකාරයට මංගලගෙන් කනේ පාරක් !
නැව් කර්මාන්තයේ ඒකාධිකාරයට මංගලගෙන් කනේ පාරක් !
http://ift.tt/2zVZ2iO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_361.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_361.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy