දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් එවරස්ට් තරණයට ගිහින් [Photos]
Homeගොසිප්

පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් එවරස්ට් තරණයට ගිහින් [Photos]

PropellerAds

පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් සිදුකරන ' එවරස්ට් මූල කඳවුර' (Base Camp) සහ අයිලන්ඩ් කඳු මුදුන ( Island Peak ) උස අඩි 20305...

ප්‍රකට ජ්‍යෝතීර්වේදී ඇල්බට් සුදසිංහ අභාවප්‍රාප්ත වෙයි
කිරිබත්ගොඩ තොරණ ඊයේ මහවැසි මැද කඩා වැටුණ හැටි Video
මින්පසු ජල බිල්පත් ගෙවීම තැපැල් හල්වලිනුත් පුළුවන්

පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් සිදුකරන 'එවරස්ට් මූල කඳවුර' (Base Camp) සහ අයිලන්ඩ් කඳු මුදුන (Island Peak) උස අඩි 20305 ft තරණයට ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් ඇත. 

ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ 'Adventure and Mounterning Association' මගින් මෙම එවරස්ට් ගවේෂණය සංවිධානය කර ඇත. 

මෙම පිරිස දෙසැම්බර් 9ත් දෙසැම්බර් 31ත් අතර කාල සීමාවක් තුළ මෙම ගවේෂණය කිරීමට නියමිත වේ .

මෙහිදී මෙවර පිටත් වූ කණ්ඩායමට ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් වන භාතිය තිසේරා ද ඇතුළත් වී සිටීම විශේෂ සිදුවීමක් වන අතර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලිය ආදී සිසුවෙක් වන අතර වයස 15 දී ද ඔහු එවරස්ට් මූල කඳවුර තරණය කර ඇත. 

මෙවර සහභාගී වූ ( A ) කණ්ඩායම පහත පරිදි වේ .
1. භාතිය තිසේරා ( කළමණාකාර අධ්‍යක්ෂක)
2. එෂාන් ඕෂධ
3. දිල්ෂාන් නවින්ද
4. මනීෂ චන්දුල

2018 අප්‍රේල් මස භාතිය තිසේරා මහතා එවරස්ට් කඳු මුදුන (උස 29029 ft) තරණය කිරීමට නියමිත අතර ඒ සදහා සහභාගී වන ( B ) සහාය  කණ්ඩායම පහත පරිදි වේ.
1. ඉරංග  ශ්‍රීමාල් 
2. උපුලිත කුමාරසිංහ
3. මොහොමඩ් කලාෆ්
4. ආකාෂ් සඳකැලුම්
5. පසිඳු ඊගල්ල

ඔවුන්ද ඉහත සඳහන් මූල කඳවුර ( Everest Base Camp ) සහ Island Peak තරණය කිරීමට නියමිත වේ.

ඉදිරි සතිය පුරාම ගවේෂණ කණ්ඩායමට සෙත් පතා ස්ථාන කිහිපයකදී ආගමික වැඩසටහන්  සහ බෝධි පුජා පැවැත්වීමටද නියමිතය.

දෙසැම්බර් කාලය යනු එම ප්‍රදේශයේ තුළ උෂ්ණත්වය (C° - 20) ප්‍රමාණයට පහළ බසින කාල වකවානුවකි. 

එමෙන්ම කඳුකර ප්‍රදේශයක් නිසා ඔක්සිජන් මට්ටම ඉතාම පහළ අගයක් ගන්නා අතර වායු පීඩනයද ඉතාම පහළ අගයක් ගනී. මේ නිසා (උන්නතාංශය) නිසා ශරීරයට මේ වෙනසට අනුගත වීමට නොහැකි වුවහොත් මරණීය තත්ත්වයක් ඇති වේ.

උන්නතාංශය වෙනස නිසා ඔවුන් මෙම ගමන තුළ දිනකට පැය කීපයක් පමණක් ගමනේ නිරත වන අතර බොහෝ දුරට 4 වන දිනයෙන් පසු සන්නිවේදනය නොමැති කලාපයකට ළගා වේ.

මේ සදහා ජාවා ගවේෂණ කණ්ඩායමට ලංකාව තුළදී ශ්‍රී පාදය, යක්ෂයන්ගේ පඩිපෙළ, හෝර්ටන් තැන්න, කිරිගල්පොත්ත, නමුණුකුල ආදී ප්‍රදේශ වල දිනකට 60km ආවරණය කරමින් එක දිගට දින කීපය බැගින් වන පුහුණුවන් සම්පූර්ණ කර ඇත. 

මෙම ආයතනය තුළ ඉගෙන  ගන්නා සිසුන්ට නිරන්තරව ගවේෂණ අත්දැකීම් රැසක් හිමි වීම සිදු වේ.

මෙරට විශ්ව විද්‍යාලයකින් සහභාගී වන පළමු නිල එවරස්ට් base camp & island peak ගවේෂණ කණ්ඩායම මෙය වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් එවරස්ට් තරණයට ගිහින් [Photos]
පළමුවරට ලංකාවේ විශ්වවිද්‍යාලයකින් එවරස්ට් තරණයට ගිහින් [Photos]
http://ift.tt/2yo2hKq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/photos_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/photos_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy