දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එ්කාබද්ධය දෙකඩ වෙයි.
Homeප්‍රවෘත්ති

එ්කාබද්ධය දෙකඩ වෙයි.

PropellerAds

ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක ත...

යාපනයේ හර්තාල්
රෝහණ විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන්න - වසර 29 කට පසු බිරිඳ චිත්‍රාංගනී අධිකරණය හමුවට
නාවික හමුදාපතිගේ වාර්තා නොලැබීම තාජුඩීන් පරීක්ෂණ පමාවට හේතුවක්

ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කොටස් දෙකකට වෙන් වීමේ අවදානමක් මතු වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කඩිනමින් එකගතාවකට පැමිණ තමන්ට ශී‍්‍රලනිපයට පැමිණීමට ඉඩ හදා දෙන ලෙසයි. එහෙත් එක්වරම ඒකාබද්ධ විපක්ෂය අතහැරදා පැමිණීමට නොහැකි බවත්, එම නිසා නිශ්චිත අවස්ථාවක් එනතුරු සිටින බවත් ඔවුන් පවසා තිබේ.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍රලනිපය සමඟ එක්වීම තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ වෙනම තරග කිරීම මඟින් පොදුජන පෙරමුණට වැඩි වාසි ලබාගත හැකි බවයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් කිහිපදෙනකු අවධාරණය කර තිබෙන්නේ ශ‍්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක් වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ නොහැකි බවයි. එසේ කරන්නේ නම් එය ශ‍්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් විය යුතු බවත්, එවැනි තීරණයක් නැතිව වෙනත් පක්ෂයක් වෙනුවෙන් වැඩ කිරීමෙන් තම පක්ෂ සාමාජිකත්වය පවා නැති විය හැකි බවත් ඔවුන් පවසා තිබේ.

එසේ පක්ෂ සාමාජිකත්වය නැති වුවහොත් ආසන සාමාජිකත්වය මෙන්ම මන්ත‍්‍රී ධුර පවා නැති වීමේ අවදානමක් ඇති බවත්, එය වඩාත් අවාසිසහගත තත්ත්වයක් බවත් මේ ජ්‍යේෂ්ඨයන් පෙන්වා දී තිබේ.මේ පිරිස දිගින් දිගටම ජනාධිපතිවරයාට සමීප පාර්ශ්වයන් මඟින් පණිවුඩ එවමින් දැනුම් දී ඇත්තේ තමන්ට යළිත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට ඉඩ හදා දෙන ලෙසයි.

පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට එවූ කොන්දේසි හතක් සහිත ලිපියේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡවලට සහභාගි නොවන බවක් සදහන් වූයේ නැත. එය තවදුරටත් පක්ෂ සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නීතීඥ උපදෙස් මත සකස් කරන ලද්දක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.පසුගිය සිකුරාදා (03) පැවැති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට ද ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සහභාගි වී නැතත්, ඔවුන්ගෙන් බහුතරයක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කලින් දැනුම්දීමට කටයුතු කර ඇත.බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මේ පිරිසගේ මතයට එරෙහිව යමින් පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සිදු කළ යුතුය යන ස්ථාවරයේ සිටින අතර, ඔවුන් තවදුරටත් සාමාජිකයන් බදවාගැනීමේ මෙහෙයුමක් ද සැලසුම් කරමින් සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඔවුන්ට අනුව යමින් පසුගිය දිනෙක පවසා තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදුජන පෙරමුණෙන් මැතිවරණවලට තරග කිරීම යහපත් වනු ඇති බවයි.

-ජනිත ප්‍රසාද් සේනානායක

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එ්කාබද්ධය දෙකඩ වෙයි.
එ්කාබද්ධය දෙකඩ වෙයි.
http://ift.tt/2zdE9yO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy