දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සටන් නළු ස්ටීවන් සෙගාල්ගේත් කලිසම ගැළවෙන හැඩ!
Homeප්‍රවෘත්ති

සටන් නළු ස්ටීවන් සෙගාල්ගේත් කලිසම ගැළවෙන හැඩ!

PropellerAds

ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෝෂියා කියා තිබෙන්නේ චිත්‍රපටයක නළුවරණයේදී (නළු නිළියන් තෝරාගැනීමේ පරීක්ෂණයේදී) ‘තිරයෙන් පිටුපසදීත් ...

cigarette tax
TNA ඇතුළු උතුරේ දෙමල පක්‍ෂ ජනාධිපතිවරණ කොන්දේසි පිළිකුල්
seelarathana thero
සටන් නළු ස්ටීවන් සෙගාල්ගේත් කලිසම ගැළවෙන හැඩ!

ඊයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෝෂියා කියා තිබෙන්නේ චිත්‍රපටයක නළුවරණයේදී (නළු නිළියන් තෝරාගැනීමේ පරීක්ෂණයේදී) ‘තිරයෙන් පිටුපසදීත් නළු නිළියන් විසින් ප්‍රේම රසායනය පවත්වාගැනීම ඉතාම වැදගත් බව’ කියා ඔහු හැඳගෙන සිටි කලිසම ගළවන්නට පටන් ගත් බවයි.

මේ සම්බන්ධයෙන් සෙගාල්ගේ කළමනාකරුගෙන් බීබීසී පුවත්සේවය කළ විමසීමකදී කළමනාකරු කියා ඇත්තේ සෙගාල්ට මේ ගැන කියන්නට දෙයක් නැති බවයි.

ස්ටීවන් සෙගාල්ගේ වයස අවුරුදු 65 කි. 80 සහ 90 දශකයේදී Under Siege සහ Flight of Fury වැනි චිත්‍රපට හරහා ඔහු ක්‍රියාදාම හා සටන් නළුවෙක් වශයෙන් ඉතා විශාල කීර්තියක් දිනා ගත්තේය. ජූඩෝ ක්‍රීඩකයෙකු වන රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, 2016 වසරේදී සෙගාල් හට රුසියානු පුරවැසි භාවය ද ප්‍රදානය කළේය.

පෝෂියා ඩි රෝස් ට අමතරව Julianna Margulies සිනමා නිළිය සහ Jenny McCarthy නිරූපිකාව ද සෙගාල් විසින් තමන්ට සිදුකළ ලිංගික අපහරණයන් පිළිබඳ චෝදනා කර තිබේ.

පසුගිය ඔක්තෝබරයේ ඇමරිකානු මිරමැක්ස් සිනමා සමාගමේ සම හිමිකරු සහ හොලිවුඩ් සිනමාවේ කුවේරයෙකු වශයෙන් සැලකුණු හාවි වයින්ස්ටයින් විසින් දශක ගණනාවක් මුළුල්ලේ ක්ෂේත්‍රයේ නිළියන් අපහරණය කළ ආකාරය ගැන විස්තර සහ චෝදනා හෙළිවන්නට පටන් ගත්තේ හොලිවුඩය තුළ පමණක් නොව මුළු බටහිර ලෝකයම තුළ කුණාටුවක් ඇති කරමිනි. හාවි වයින්ස්ටයින්ගෙන් පසු තවත් ප්‍රකට නළුවන් දුසිමකට වඩා මේ වනවිට ලිංගික අපචාර සහ දුෂණ චෝදනාවලට ලක්ව සිටින අතර අසාධාරණයට ලක් වූ සුපිරි නිළියන් නොබියව හා ලැජ්ජාව පසෙක තබා තමන්ගේ කතාන්දරය ලෝකයට කියන්න පෙළඹී සිටිති. බෙන් ඇෆ්ලික්, ඔලිවර් ස්ටෝන්, ඡායාරූප ශිල්පී ටෙරී රිචඩ්සන් ආදීහු එහි වෙති. හාවි වයින්ස්ටයින් හට එල්ල වූ චෝදනාවල බරපතළ බව කෙතෙක් ද යත් ඔහුව මිරමැක්ස් සමාගමේන් පළවා හැර ඇත. මැන්හැටන් අධිකරණය ඔහුට විරුද්ධව නඩු පැවරීමට සූදානම් වෙයි. හාවි වයින්ස්ටයින් මේ වන විට කියා තිබෙන්නේ තමන් කළ කී දේවල් ගැන තමන් දුක් වන බවයි. සමාව ද ඉල්ලන බවයි. මේ පිළිබඳ ඉදිරියේදී සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න.

මේ අතර ‘වයින්ස්ටයින්ගේ ලැයිස්තුව’ට අලුතින් එක්වූ සාමාජිකයා වන ස්ටීවන් සෙගාල් ට අපචාර චෝදනා නගන ඇමරිකානු ඔස්ටේ්‍රලියානු සම්භවයකින් යුත් පෝෂියා ඩි රෝස්ට මේ ප්‍රසිද්ධ ප්‍රකාශනයෙන් පසු ඇති වූ තත්වය කුමක්ද?

පෝෂියාගේ සහ එලන් ඩි ජෙනරස්ගේ කුරුලු කූඩුවට දැන් වසර 9 කි. එලන් වහාම කළේතම ජීවන සහකාරියගේ ට්වීට් සටහන, මිලියන 75 ක් වන ට්විටර් අනුගාමිකයන් සමග එසැණන් ෂෙයා කිරීමයි. එහිදී ඇය මේ සටහන ද තබන්නට අමතක නොකළාය. “මට මගේ පියඹ ගැන ආඩම්බරයි” "I am proud of my wife".

-අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සටන් නළු ස්ටීවන් සෙගාල්ගේත් කලිසම ගැළවෙන හැඩ!
සටන් නළු ස්ටීවන් සෙගාල්ගේත් කලිසම ගැළවෙන හැඩ!
http://ift.tt/2jfqQaE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_144.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_144.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy