ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස පිළිබද ශ‍්‍රී ලංකාව අද ලබා තිබෙන සාධනීය ප‍්‍රගතිය එක්සත් ජාත...
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස පිළිබද ශ‍්‍රී ලංකාව අද ලබා තිබෙන සාධනීය ප‍්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ඇගැයීමට ලක් වෙයි.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අතර හමුව ඊයේ (28) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ දී සිදු විය.
එම කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා, මහලේකම්වරයා විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සාමය සහ සංහිදියාව පිළිබද ඉකුත් වසර තුන හමාර තුළ ශ‍්‍රී ලංකාව ලද සුවිශේෂි අත්දැකීම් උපයෝගි කර ගනිමින් එම ගමන ඉදිරියට තවදුරටත් වේගවත් කරන බවයි.
ශී‍්‍ර ලංකාව උදාකරගෙන තිබෙන මෙම සුවිශේෂී ජයග‍්‍රහණ අධ්‍යයනය කරමින් ශ‍්‍රී ලංකාව දෙස නව දෘෂ්ඨි කෝණයකින් බලන්නැයි තමා ජාත්‍යන්තරයේ සියලූදෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
අසීරුතා රැසක් මධ්‍යයේ වුව ද අද ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය අගය කළ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩවම ලබාදෙන බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවල දී ශ‍්‍රී ලංකාව ලබාදෙන ඉහළ සහයෝගය මෙහිදී මහලේකම්වරයාගේ ඇගැයීමට ලක්විය.
කාලගුණික සහ දේශගුණික විපර්යාස හමුවේ ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුව තිබෙන අභියෝග පිළිබදව මෙහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළ අතර එම අභියෝග ජය ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වැඩි සහයක් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එහි ප‍්‍රඥප්තීන් සහ සම්මුතින්ට අනුගතව ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන් කටයුතු කරන අතර, පැරිස් සම්මුතියට අත්සන් තැබූ ප‍්‍රථම දකුණු ආසියානු රට ශ‍්‍රී ලංකාව බව ද සිහිපත් කළේය.
COMMENTS