නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සහිකය...
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සහිකයින් සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව දන්වා ඇති හෙයින් අදාල දින වලදී ඡන්දය පැවැත්වීමට හැකියාව පවතින බවය. එහෙත් මේ සඳහා අදාල සභිකයින් සංඛ්‍යාව දක්වෙන ගැසට් නිවේදනය මුද්‍රණය කළ යුතුව පවතී.
ඉහත දිනයට මැතිවරණය පැවැත්වෙන්නේ නම් නොවැම්බර් 27 වන දිනයෙන් ආරම්භ වන සතියේදී නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත් දෙසැම්බර් 11 සිට 20 දක්වා කාල සීමාව තුළ නාමයෝජනා කැඳවෙනු ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි. නාමයෝජනා භාරදීම සඳහා ලැබෙන කාලය දින තුන හමාරකි.
නාමයෝජනා දැන්වීම් පළකරන දිනය, නාමයෝජයා භාර ගන්නා කාල සීමාව සහ මැතිවරණ දිනය නිශ්චිත වශයෙන් ම ඉදිරියේදී දැනුම්දිය හැකි බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයා එම නිවේදනයෙන් පවසයි.
කෙසේවෙතත් මුද්‍රණය සඳහා අදාල ගැසට් පත්‍රය තවමත් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග සඳහන් කරයි.
- රංජිත් නිශාන්ත
COMMENTS