අද දින (20) සිට සියළු වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පවසයි. මාස 10කට පසුව මොවුන්...
අද දින (20) සිට සියළු වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පවසයි.
මාස 10කට පසුව මොවුන් මෙලෙස අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත විය.
වෛද්‍ය පීඨ අටෙහි සිසුන් 6500ක් පමණ මෙම විරෝධතා ක්‍රියාමාර්ගයට එක්ව සිටි බව වාර්තා වේ.
කෙසේවෙතත් රජය ලබාදී ඇති විසදුම් සැලකිල්ලට ගනිමින් අද දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා එක්වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සදහන් කළේය.
COMMENTS