දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන දෙබිඩ්ඩන් ගැන මංගල සමරවීර හෙළිකරයි [Video]
Homeප්‍රවෘත්ති

දේශපාලන දෙබිඩ්ඩන් ගැන මංගල සමරවීර හෙළිකරයි [Video]

PropellerAds

අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රට නව දිශාවකට ගමන් කරවන්නට හැකි වන බවත් එක සමාන පුරවැසිභායක් රටේ ඇති කිරීම තුළින් ආර්ථික සමෘද්ධිය ඇති කළ...

බෙල්ල මුලටම බදු ගහලා තියෙද්දිත් තවත් බදු වැළක් ළඟ ළඟ එනවා! මේ පාර එන්නෙ ධන බද්ද-දේපොළ බද්ද-දේපොළ හුවමාරු බද්ද සහ මාර්ග බද්ද…!
එක පවුලේ පිරිසක් සමග හොර්ටන්තැන්නේ බස් රථයක් පෙරලේ.. වාහන ඇතුල් වීම නතර කෙරේ!
මහා මුදල් වංචාවකට ආණ්ඩුවේ ගම්පහ ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු CIDයෙන් අල්ලයි! හොරෙන් ඕස්ට්‍රේලියාවට මිනිස්සු පටවලා!

අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රට නව දිශාවකට ගමන් කරවන්නට හැකි වන බවත් එක සමාන පුරවැසිභායක් රටේ ඇති කිරීම තුළින් ආර්ථික සමෘද්ධිය ඇති කළ හැකි බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.



"රටට ව්‍යවස්ථාවක් ඕනද කියන අහන ඩලස් මන්ත්‍රිතුමා එදා සුදු නෙළුම අරගෙන ගමින් ගමට ගියා ඒකීය වචනය අයින් කළ ව්‍යවස්ථාවකට. ඉඩම් බලතල හා පොලිස් බලතල දෙන්න කියන ව්‍යවස්ථාවක් අරගෙන. මේ යුගයේ දැවන ප්‍රශ්නයේ දී ලස්සන වචන දාලා පැනලා යන්න එපා.

ශ්‍රී ලංකාවේ බැරෑරුම් ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයයි. ඇතැම් අයට එහෙම ප්‍රශ්නයක් නෑ. යම් තරමක හෝ බුද්ධියක් තිබෙන කිසිම පුද්ගලයකුට විශ්වස කරන්න පුළුවන්ද  ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ කියලා.  සියලු දේශපාලන පක්ෂවල නායකයින්  ශ්‍රී ලාංකීය ජාතියක් බිහි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාවක් ගැන කතා කර තිබෙනවා.

දිගු ඉතිහාසයක් පුරා අවශ්‍යතාවයක් වූ රටේ විවිධත්වය සැබෑ කරලීමට මෛත්‍රිපාල සිරිසේන රජය ඉදිරිපත් වී සිටින්නේ. අන්තවාදී කල්ලියක් අගතිගාමි භායනක අඳහස් ඉදිරිපත් කරමින් සුපුරුදු පරිදි ප්‍රතික්ෂේප කලත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සැබෑ ශ්‍රී ලාංකික ජන නායකයෙක්. එතුමාට ලබාදුන් ජනවරමේ ශක්තිය අනුව එතුමා ජනපති වී අවුරුද්දක් සම්පූර්ණ වූ පසු ප්‍රතිඥා දීලා මෙම ව්‍යවස්ථාදායක සභව පිහිටුවනු ලැබුවා. කුමන්ත්‍රණ කළේ නෑ. විවෘත ක්‍රියාවලියක් තිබුණා.

සියලු දෙනාගේම අඳහස් ලබාගෙන මෙවැනි විවාදයක් තියන්නේ. එකඟතාවය්ක් ඇතිකරගන්න ගමන යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එයයි. සාකච්ඡා මාර්ගයෙන් බහුතර එකඟතාවයට එකඟ කරගන්න හැකි වුණා. එකාධිපතින්ට එහෙයි කියපු, වලං හොදපු අයට නොතේරුණාට ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට තේරෙනවා මොකක් ද කියලා.

අද හොඳ අවස්ථාවක්. පශ්වාත් ස්වාධීන යුගයේ දී අපට බොහෝ අවස්ථා මඟ හැරී තිබෙනවා. මෙම අවස්ථාව මඟ හැරිය යුතු නෑ. පසුගිය වසර හැත්තෑවේදී සියලු ජනතාව අපේක්ෂා කරනවා, මූලික වශයෙන් වෙනස්කම් කීපයක්. තිරසාර දිගුකාලීන සාමයක්, සමාන අවස්ථා ලබාදිය යුතුයි. එක සමාන පුරවැසිභායක් මේ රටේ ඇතිකළ යුතුයි. ඒ තුළින් ආර්ථික සමෘද්ධියඇති කළ හැකියි. රට නොබෙදුණු භීෂණයෙන් තොර රටක් දකින්නට ඔවුන් කැමැතියි. තරුණ ජීවිත දහස් ගනනක් විනාශ වුණා.

දුප්පත් ජනතාව සිංහල, දෙමළ ජාතීන් වඳ වේදනා වින්දා. යළි එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙනවාට කැමැති නෑ. අපිට හැකිවෙන්න ඕන අලුත් රටක් වශයෙන් එක්සත්ව ගොඩනැඟෙන්න. දැනටමත් වාර්තා කීපයක් ව්‍යවස්ථා ක්‍රියාවලියට එකතු වී තිබෙනවා. මෙය සියලු දෙනා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ක්‍රියාවලියක්.

ඵලදායි සංවාදයක් ගොඩනැගිය යුතුයි. හොඳ පදනමක්, විශ්වාසනීය රාජ්‍යයක් ගොඩනැගීම,ස්ථාවර, ප්‍රතිසන්ධන රාජ්‍යයක් ගොඩනැංවිය යුතුයි. අලුත් ව්‍යවස්ථාව හැදීමෙන් රට නව දිශාවකට ගමන් කරවන්නට හැකි වෙනවා.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබුණු ඡන්ද ප්‍රතිශත ගත්තොත්, යාපනය දිස්ත්‍රික්කය 74.42%, වන්නි දිස්ත්‍රික්කය 78.47%, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 71.84%, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය 65.22%, මඩකලපුව 81.62%. මේ දිහා බැලුවා ම කියන්න පුළුවන් එතුමා තමයි ඉතිහාසයේ සැබෑ ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා. එකගත්වයක් නැති දෙයකට සාකච්ඡා මාර්ගයෙන් එකගත්වයක් ඇති කර ගැනීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. අපි මේ කරමින් ඉන්නෙ ඒ දේ තමයි.

අවුරුදු 70 තිස්සේ අපට ලබුණු දියුණුව ලබාගත්තේ නෑ. ජාති,ආගම්, පක්ෂ වශයෙන් කුලල් කෑවා. අපි රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේ ද කියලා සාකච්ඡා කරන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුළු ජාතීන්ගේ අරාක්ෂාව සුරක්ෂිත කරන්න පුළුවන්. මෙත්තා,කරුණා මුදිතා,උපේක්ඛා යන කරුණු පාදක කරමින්  ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට කවුරුද විරුද්ධ වන්නේ? ආර්ථික සෞභාග්‍ය සහ සංවර්ධනය අපේ ජාතියෙන් ගිලිහෙනවා. ජාතිය යළිත් වරක් යුද්ධයකට යාවි. ශ්‍රී ලංකාව දියුණු ජාතියක් වෙන්නට නම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසය ඇතිවන දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකරගත යුතුයි" යැයිද අමාත්‍යවරයා පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන දෙබිඩ්ඩන් ගැන මංගල සමරවීර හෙළිකරයි [Video]
දේශපාලන දෙබිඩ්ඩන් ගැන මංගල සමරවීර හෙළිකරයි [Video]
http://ift.tt/2zVc0sT
https://i.ytimg.com/vi/xnpPWUWyn04/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/video_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/video_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy