ටී-56 ගිනිඅවි 2ක් සහ උණ්ඩ තොගයක් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු සේරුනුවර කිලිවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහු...
විවිධ වර්ගයේ අත්බෝම්බ 5ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 62ක්, මිලිමීටර් 7 වර්ගයේ උණ්ඩ 9ක්, ටී 56 උණ්ඩ 154ක් හා ඩෙටනේටර් 62ක් ද මෙහිදී සොයා ගෙන තිබේ.
සැකකරුගේ බිරිඳ හා සහෝදරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී ඇත.
36 හැවිරිදි සැකකරු කිලිනෝච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ නිවසේ තිබී ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත ටී-ෂර්ට් 4ක් ද සොයා ගෙන තිබේ.
LTTEයට සම්බන්ධ බවට සැක 5ක් මැලේසියාවෙන් අල්ලයි
එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයින් පස් දෙනෙකු මලයාසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
මලක්කා, පී.නෑන්, සෙලෙන්ගෝර් යන ප්‍රදේශවලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
COMMENTS