දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනේ මේ දරුවෙක් ය!
Homeප්‍රවෘත්ති

අනේ මේ දරුවෙක් ය!

PropellerAds

මුලින්ම ඒ එෆ් පී පුවත්සේවයේ ඇස ගැටුණු සහාර්ගේ වයස යන්තම් මාසයකි. එවිට ඇගේ බර කිලෝ 2කටද වඩා අඩු විය. ඇගේ දෙනෙත් බියජනක ලෙස ගිලිලා ය. ආලෝකය...

"ආප්ප කාලා පාවා දීපු සිරිසේන කිව්වා අය අද සභාග ආණ්ඩුවක් හදන්නට කතා කරනවා" - සජිත්
නොබෙල් සාම ත්‍යාගය දිනු ලිංගික වහලිය
ඉන්ටර්නෙට් සහ ගංජා නිසා ශ්‍රී ලංකාව තුළ මානසික රෝගී තත්වයක්.
අනේ මේ දරුවෙක් ය!

මුලින්ම ඒ එෆ් පී පුවත්සේවයේ ඇස ගැටුණු සහාර්ගේ වයස යන්තම් මාසයකි. එවිට ඇගේ බර කිලෝ 2කටද වඩා අඩු විය. ඇගේ දෙනෙත් බියජනක ලෙස ගිලිලා ය. ආලෝකය නොව අඳුර පවා විනිවිද යන තරමට ඇගේ සම වියැළී තුනී වෙලා ය. ඉළ ඇට කූඩුව ඒ සම පසාරු කරගෙන යවුල් මෙන් ඉලිප්පිලා ය. 

වහාම හමොව්රියා නගරය වෙත ගෙන ගිය දැරියට මන්ද පෝෂණය සඳහා ප්‍රතිකාර කෙරුණේය. පලක් නැත. ප්‍රමාද වැඩි ය. උපන් දා පටන් පුරා මාසයක් අති මහත් කුසගින්න ද, ඒ නිසාම ශරීරාභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ අකර්මණ්‍යතාවය ද දරා සිටි මේ සිඟිත්තිය මරු සමග යාම සැපතකැයි තීරණය කළා වැන්න.   

ඇය උපන් නගරයේ ඇය වැනි අහිංසක ප්‍රාණියෝ දස දහසක් පමණ වෙති. “නගරය වෙත ආහාර සැපයුම් නතර වෙලා. මෙවැනි මරණ මාලාවක් ඉදිරියේදී බලාපොරොත්තු විය යුතුයි..” යැයි ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් පවසයි. මෙම සැපයුම් නතර කර තිබෙන්නේ ඔවුන්ගේම රටේ ජනාධිපතිවරයා වන බෂර් අල් අසාද් විසිනි. නගරයෙන් ළදරු කිරි පිටි පැකට්ටුවක් පවා සොයාගත නොහැක.  

හමොව්රියා නගරයේ රෝහල් ගණනාවක් සුබසාධන පදනම යටතේ පවත්වාගෙන යන මොහොමඩ් කටූබ් පවසන්නේ මේ වනවිට සහර් වැනි දරුවන් අවම වශයෙන් 68 දෙනෙක්වත් තමන් විසින් හඳුනාගෙන ඇති බවයි. මේ දරුවෝ ලෝකයේ කුරිරුකම ගැන කඳුළු සලකුණු තබා මෙලොව හැර යාම සඳහාම මෙලොවට පැමිණියෝ වෙත්. 

ඒ එෆ් පී පුවත්සේවයේ වාර්තාවලට අනුව ගතවූ මාස කිහිපයේදී සිරියාවේ මෙම පළාතේ වෛද්‍ය අධීක්ෂණයට ලක් කළ දරුවන් 9,700 දෙනාගෙන් 80 දෙනෙක් පමණම මාරක මන්දපෝෂණ තත්වයකින් පෙළෙති. 200 දෙනෙක් තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති. තවත් 4,000 ක් දෙනා බරපතළ පෝෂණ ඌනතාවලින් පෙළෙති. සිරියාවේ හමොව්රියා නුවරට අන්තර්ජාතික ආධාර නොලැබෙන්නේ නොවේ.

අන්තර්ජාතික මානුෂීය ආධාර ඒජන්සි විසින් දින කිහිපයකට වරක් බැගින් හෝ ඔවුන්ට අත්‍යාව්‍ය ආහාර සලාක ක්‍රමයට ලබාදෙයි. මේ අතර ජගත් සංවිධානය විසින් ලබාදෙන අන්තර්ජාතික මානුෂීය ආධාර ද බෂර් අල් අසාද්ගේ හමුදාව විසින් දැඩි ලෙස සීමා කර තිබේ. සටන්කාමීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ලැබෙන සීමා සහිත ආධාර ප්‍රමාණය ද දුක් විඳින ජනයා වෙත ලෙහෙසියෙන් ළඟා නොවේ. එසේ ආධාර ලබන අය අතරින් ද බොහෝ අය පුරුදු වී සිටින්නේ තමන්ට ලැබෙන ආහාර සලාකය විකුණා දමා එයින් පවුලට අත්‍යාවශ්‍ය සීනි කිලෝවක් හෝ පාන් රාත්තලක් මිලදී ගන්නට ය. ආහාර හිඟකම නිසාම මෙහි ආහාර ගිනි ගණන් ය. සාමාන්‍යයෙන් සීනි කිලෝවක මිල ඩොලර් 15 ක් හෙවත් ලංකා මුදලින් දළ වශයෙන් රුපියල් 2300 කි! මේ තත්වය තුළ බොහෝ සිරියානුවන් පුරුදු වී සිටින්නේ බාර්ලිවලින් හැදු පාන්, ඔලිව් සහ තම්බා ගත් පැළෑටිවලින් එදා වේල සරි කර ගන්නට ය. 

ලෝක සාම දර්ශකයට අනුව සිරියාව ලෝකයේ ප්‍රචණ්කාරීම රටයි. 2016 පෙබරවාරි මාසය වන විට පමණක් පිළිගත් දත්තවලට අනුව මේ කාලකණ්නි යුද්ධය නිසා අහිමි වූ ජීවිත ගණන 470,000 කි. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නිල දත්තවලට අනුව 2015 ජූනි මස වන විට රට තුළ ලක්ෂ 76 ක් දෙනා අභ්‍යන්තර වශයෙන් අවතැන් වී සිටිති. අයිසිස් භටයන්ගේ ප්‍රචණ්ඩතාවය දිනෙන් දිනම ඉහළ යයි. අලුත්ම දත්තවලට අනුව ගතවූ දෙදින තුළ පමණක් ඔවුන් විසින් සිවිල් වැසියන් 80 දෙනෙකුට වඩා ඝාතනය කර දමා ඇත.  

හය අවුරුද්දක් තිස්සේ දික් ගැස්සෙමින් තිබෙන සිරියානු සාපයේ අලුත්ම ගොදුර සහාර් දැරිය ය. අවසන ඇය කුසගින්නේම මියැදුණාය. සැබවින්ම සහාර් යනු එක් එක් දරුවෙක් පමණක් නොවේ. ඇය සිය දහස් ගණනක් වන සිරියානු දරුවන්ගේ වචන්වලට නැගිය නොහැකි මහා දුක්බරිත ඉරණමේ ආත්මීය සංකේතයයි.

කුමන අර්ථයෙන් ගත්ත ද යුද්ධය ඉතා කැත ය. 

- රදිකා ගුණරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනේ මේ දරුවෙක් ය!
අනේ මේ දරුවෙක් ය!
http://ift.tt/2y23maR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_974.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_974.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy