දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්ටර්නෙට් සහ ගංජා නිසා ශ්‍රී ලංකාව තුළ මානසික රෝගී තත්වයක්.
Homeප්‍රවෘත්ති

ඉන්ටර්නෙට් සහ ගංජා නිසා ශ්‍රී ලංකාව තුළ මානසික රෝගී තත්වයක්.

PropellerAds

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස 'Cannabis Induced Psychosis' නමැති තත්ත්වය හඳුනාගෙන ඇති ...

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අයිති මටයි... මගේ අයිතිය මට ලැබිය යුතුයි - ජෝන් අමරතුංග
පොහොට්ටුව මේ යන්නේ ඒකාධිපතියෙක් බිහි කරන්නයි කියලා මම මුලදිම කිව්වා - වෙල්ගම
"පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කරලා" - අම්පිටියේ සුමනරතන හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී - (video)


ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස 'Cannabis Induced Psychosis' නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් පවසයි.

එමෙන් ම, වත්මන් තරුණ පරපුර සීමාව ඉක්මවා ඉන්ටර්නෙට් වෙත නැඹුරු වීම ද මානසික ගැටලු වැඩි වීමට හේතු‍වක් වී ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි.

ඔහු ඒ බව සඳහන් කළේ, 'වෙනස් වන ලෝකය තුළ තරුණ ප්‍රජාව හා මානසික සෞඛ්‍යය' යන මැයෙන් 2018 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ලෝක මානසික සෞඛ්‍ය දිනය ඔක්තෝබර් මස 10 වන දාට යෙදී තිබේ.

මානසික සෞඛ්‍යය විෂයය සමාජය තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් 1992 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනයේදී ගනු ලැබූ තීරණයක් මත මානසික සෞඛ්‍ය දිනය එදිනට යොදා ගැනීමට තීරණය කෙරිණි.



ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය 1994 වසරේ සිට යම්කිසි තේමාවක් යටතේ වාර්ෂිකව ලෝක මානසික සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා වැඩසටහන් දියත් කරයි.

ලෝකය පුරා තරුණ පිරිස් අතර මානසික සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතව පැවතීම මෙවර තේමාවට වස්තු විෂය වූ බව වෛද්‍ය සන්නසූරිය පවසයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ තරුණයන් වර්තමානය වන විට ගංජා, මත්කුඩු, මත්පෙති හා හෙරොයින් භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බව ය.

එවැනි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මොළයට ඇති කරන අහිතකර බලපෑම් මත තරුණයන් දිනපතා මානසික රෝග වෙත ගොදුරු වී‍මේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මානසික රෝගවලට ගොදුරු වන තරුණයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින බව ද වෛද්‍ය සන්නසූරිය සදහන් කළේ ය.

මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව ඉන්ටර්නෙට් හා සමාජ ජාල වැරදි ලෙස භාවිතය තුළින් ද තරුණ පිරිස් වැඩි වශයෙන් මානසික රෝග වෙත ගොදුරු වීමේ අවදානමක් මතුව ඇති බව කී වෛද්‍යවරයා ඒ හේතුවෙන් මානසික ආතතිය, විශාදය, කාංසාව, භින්නෝන්මාදය වැනි තත්වයන් විශාල වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පවසන පරිදි තරුණයන් අතර මානසික රෝග හට ගැනීමේ ප්‍රවණතාව වැඩි වීම හේතුවෙන් පවුල සහ සමස්ත සමාජය ම දැඩි අවුල්කාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඒ තුළින් සමාජීය හා ආර්ථික ගැටලු රැසක් පැන නැගී තිබේ.

දෙමව්පියන් සහ තරුණ දරුවන් අතර සබඳතා දුරස්වීම, සම වයස් කණ්ඩායම්වල පෙළඹවීම, තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් සිදුවන විෂමාචාර ප්‍රචාරයන් සහ තරුණ කණ්ඩායම් තනි වීම වැනි කරුණු රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට වැඩි වශයෙන් බලපා තිබේ.

ලෝක මානසික සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මානසික ගැටලුවලින් 50% ක ප්‍රතිශතයක් ආරම්භ වන්නේ, වයස අවුරුදු 14 කාල සීමාවේදී ය.

නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම, මානසික සෞඛ්‍ය සායන වෙත යොමු වීමට ඇති අකැමැත්ත, මානසික සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම සහ නොදැනුවත්කම යන කරුණු හේතුවෙන් අදාළ රෝගී තත්ත්වයන් උත්සන්න වන බව වෛද්‍ය මයුර සන්නසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ
"රටේ පවතින ආර්ථික ගැටලු, තරුණ විරැකියාව හා තරුණ කණ්ඩායම් අතර පවතින ‍නොයෙකුත් අපචාර ක්‍රියා හේතුවෙන් ද මානසික ගැටලු උද්ගත වී තරුණ කණ්ඩායම් ජීවිත අහිමි කර ගැනීමේ තත්ත්වයන්ට පවා පත්ව තිබෙනවා. තරුණ පිරිස් හෝ වෙනත් පිරිස් වෙත කිසියම් මානසික ගැටලුවක් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම තුළින් මානසික රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙනවා" ඔහු අවසන් වශයෙන් දුන් උපදේශය යි.










Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්ටර්නෙට් සහ ගංජා නිසා ශ්‍රී ලංකාව තුළ මානසික රෝගී තත්වයක්.
ඉන්ටර්නෙට් සහ ගංජා නිසා ශ්‍රී ලංකාව තුළ මානසික රෝගී තත්වයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk-4iyB49v7LifJUGLqaj8KaCAieZN1Z-q2xf3eeRaPl1YNR9hHRtRFnScojY5XgX10gplkuwj9w7mqJA-svRTW1YV6A7gTG4QyrLYcZ2RKFmFV6SdgQ11HqXAgYFRpj4y1txnv6Ze684/s640/jugh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk-4iyB49v7LifJUGLqaj8KaCAieZN1Z-q2xf3eeRaPl1YNR9hHRtRFnScojY5XgX10gplkuwj9w7mqJA-svRTW1YV6A7gTG4QyrLYcZ2RKFmFV6SdgQ11HqXAgYFRpj4y1txnv6Ze684/s72-c/jugh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_271.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_271.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy