බෝවිටි මලක් යටින් දම්පාට පිනි අරන් අලෝක පුංජයක එළිය හොරකම් කරන් කනමැදිරියෙක් පාර කිව්වා නිවෙන්නට පෙර වරක් මුදුම බැල්මක් දරන් ඒ...
බෝවිටි මලක් යටින්
දම්පාට පිනි අරන්
අලෝක පුංජයක
එළිය හොරකම් කරන්
කනමැදිරියෙක් පාර කිව්වා
නිවෙන්නට පෙර වරක්
මුදුම බැල්මක් දරන්
ඒ විදුලි මතක කැට
පපු අගක හිර කරන්
අඬ අඬා ගෙදරටම දිව්වා
අඳුරෙ අතහැර දැමූ
අනත් දරුවෙක් වගේ
දේදුන්න දැක දැකත්
නිවුණු වැස්සක් වගේ
අහම්බෙන් එක හවසක
තාරුකාවක් ගෙදර ආවා
COMMENTS