දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදය ගම්මන්පිලගේ පවුලටම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය.
Homeප්‍රවෘත්ති

උදය ගම්මන්පිලගේ පවුලටම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය.

PropellerAds

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් අයථා ලෙස උපයන ලද මුදල් තම හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් වන අංක 03 Austral Court Wheel...

කැබිනට් සංශෝධනය අද ! පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය, නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට !
තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගනිති... ශ්‍රී ලාංකිකයෝ 43ක් එරට සිර වෙති.. බේරා ගන්නා බව විදෙස් අමාත්‍යාංශය පවසයි
අපිත් කළේ ලංකාව කළා වගේ සටනක්... අපිට LTTE සබධකම් නෑ... බුදුපිළිම කඩන්නෙත් නෑ - තලේබාන් මාධ්‍ය ප්‍රකාශක ලංකාවට කියයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් අයථා ලෙස උපයන ලද මුදල් තම හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් වන අංක 03 Austral Court Wheelers Hill Vic 3150 හි පදිංචි වෛද්‍ය සමන් අලූත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න යන අය එක්ව ‘සමන් සහ අබය පුද්ගලික සමාගම’ නමින් සමාගමක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර (ලියාපදිංචි අංකය 13/2/14ABN 168039147), එම සමාගම නමින් විශාල දේපල ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, එම දේපලවල වත්මන් වටිනාකම ශ‍්‍රී ලංකා රුපියල් 781,538,385.97ක් පමණ වන බවත් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා (සැප්තැම්බර් 29) පොලිස් විශේෂ විමර්ශන අංශය(SIU) දැනුවත් කරමින් අදාළ තොරතුරු සහ සාක්ෂි ලබාදීමට කටයුතු කළේය.

මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ එය අසත්‍ය පැමිණිල්ලක්  බවත්, මේ සම්බන්ධයෙන් නීතීඥ නාමල් රජපක්ෂ මහතාගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවයි. එමෙන්ම මේ සම්බන්ධව අනාවරණය කළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට විරුද්ධව නඩු පවරා වන්දි ලබාගැනීමට කටයුතු කරන බවද ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් අද(12) ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, ගම්මන්පිල සහ ඔහුගේ හිතවත් වෛද්‍යවරු දෙදෙනෙක් විසින් ඕස්ට්‍රේලියාවේ දේපල මිලදී ගැනීමට අති විශාල මුදලක් වැය කර ඇති අතර, කෙටි කාලයක් තුළ එම මුදල් ඉපයූ ආකාරය පිළිබද සාධාරණ සැකයක් මතුව තිබෙන බවයි. එමෙන්ම එම දේපල මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ඕස්ට්‍රේලියාවේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලිඛිත තොරතුරුද තමා සතුව පවතින බවත් ඒවා අදාළ පැමිණිල්ල සිදුකිරීමේදී ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම අධිකරණයට අවශ්‍ය කර සිටින උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ නතරවී සිටිනුයේද මෙම දේපල මිලදීගැනීමට සම්බන්ධ එක් වෛද්‍යවරයෙකුගේ නිවසේ බවද නාමල් රාජපක්ෂ මහතා හෙළිදරව් කර සිටියේය. තවද, නීතීඥ නාමල් රාජපක්ෂ පෙන්වා දෙන පරිදි උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිල සහ දරුවන් දෙදෙනාද මේ වනවිට ඕස්ට්‍රේලියානු පුරවැසියන්ය.

තමන්ගේ වංචා දූෂණ එකිනෙක හෙළිදරව්වීමත් සමඟ වියරු වැටී සිටින උදය ගම්මන්පිල සිදු කරන ප්‍රකාශ තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බව  සඳහන් කරන නාමල් රාජපක්ෂ මහතා, මීට පෙරද තමා විසින් ගම්මන්පිලගේ වංචා දූෂණ හෙළිදරව්කිරීමකදී තමන්ට විරුද්ධව නඩු පවරන බවට ප්‍රකාශ කළද අද වනතෙක් කිසිදු නඩුවක් පවරා නොමැති බවද සඳහන් කර සිටියේය.

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක්ට අයත් මුදල් හා දේපල කූට ලේඛණ සකස් කර විකුණා කෝටි ගණනක මුදල් වංචා කිරීම පිළිබද උදය ගම්මන්පිලට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින අතර එමගින් ගම්මන්පිලගේ වංචා දූෂණ හෙළිදරව් වෙමින් පවතින බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඞ්ඩික් මහතාට අයත්ව තිබූ
·         මෙට්ල් රීසයික්ලින් කලම්බු ලිමිටඞ් ආයතනය,
·         සිලෝන් ටී ගාර්ඞ්න්ස් ආයතනය,
·         ට්‍රිපල් එස් ආයතනය, සහ තවත් ආයතන ගණනාවක්

වංචනික අයුරින් විකුණා මුදල් උපයාගෙන තිබෙන බව අනාවරණය වී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම උදය ගම්මන්පිල තම ව්‍යාපාරික සගයා වන සිඞ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයා සමඟ එක්ව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අසමත් කර තිබූ Anrorchi බුරුතකන්ද හා Irish බුරුතකන්ද යන මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතීන් දෙක පවිත‍්‍රා වන්නිආරච්චි මැතිණිය විදුලිබල ඇමතිනිය ලෙස වැඩ භාරගැනීමෙන් පසුව 2014-03-18 වන දින වංචනික ලෙස අනුමත කරවා ගෙන, 2014-09-24 දින එංගලන්තයේ ලිවේරා හෝල්ඩින්ග්ස් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 07 කට විකුණා මුද්ල උපයාගෙන තිබෙන බව අනාවරණය වී ඇති බවද නාමල් රාජපක්ෂ මහතා හෙළිදරව් කරයි.

ගම්මන්පිලගේ මෙවැනි වංචා දූෂණ හෙළිදරව්වීමත් සමඟ ජනතාවට උක්ත දේපල මිලදී ගත් ආකාරය සහ ඒ සදහා යොදාගනු ලැබූ මුදල් පිළිබද සාධාරණ සැකයක් ඇතිව ඇති හෙයින්, ඒ පිළිබද විධිමත් පරීක්ෂණයක් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත්, අප රටින් වංචනිකව උපයාගෙන විදෙස් රටවලට යවනු ලැබූ අදාල මුදල් නැවත අයකරගෙන අප රටට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් තමා විසින් පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළ බවද රාජපක්ස මහතා සඳහන් කර සිටියේය.

එමෙන්ම පසුගිය සමයේ විවිධ හේතු දක්වමින් උදය ගම්මන්පිල මහතා වරින් වර ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව වාර්තා වන අතර, ඒ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය පරික්ෂා කළහොත් ඒ බව තහවුරු වනු ඇති බවත්, එමෙන්ම අදාල වෛද්‍යවරු දෙදෙනාගේ බැංකු ගිණුම් හා ආයතනවල බැංකු ගිණුම්වල ඉතිහාසය පරික්ෂා කිරීමෙන් මුදල් පැමිණ ඇත්තේ කිනම් මූලාශ‍්‍රයකින්ද යන්න පිළිබදව තහවුරු කරගත හැකිවනු ඇති බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදය ගම්මන්පිලගේ පවුලටම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය.
උදය ගම්මන්පිලගේ පවුලටම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය.
http://ift.tt/2ykNvrh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_967.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_967.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy