බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා අළුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ගා නගරයේ රජයේ රෝහ...
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා අළුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ගා නගරයේ රජයේ රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
විදුලිසැර වැදුණු තරුණයෙකු රෝහලට රැගෙන ආ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර නොකළ බව පවසමින් පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් වෛද්‍යවරුන්ට බැණ පහරදීමට උත්සහ දරා තිබේ.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
සැකකාර මන්ත්‍රීවරයා අද (21) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අළුත්ගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS