දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා මහේල "අවසන් උත්සාහයක"
Homeප්‍රවෘත්ති

ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා මහේල "අවසන් උත්සාහයක"

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා තමන් අවසන් වරටත් උත්සාහයක් දරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි. ඔහු ඒ ...

කොරෝනා වැඩි වූවහොත් පාසැල් යලින් වසා දැමීමේ සුදානමක්
කොරෝනා දෙවැනි රැල්ල ඇරඹුනා.. වරද මේ දුර්වල රජයේ.. මගේ උපදෙස් පිලිපැද්දා නම් මෙහෙම වෙන්නෙ නෑ..- සජිත්
කන්දකාඩු පුනුරුත්ථාපනය මධ්‍යස්ථානයේ සිට තැබූ සටහන

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා තමන් අවසන් වරටත් උත්සාහයක් දරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා පත් කරන ලද ස්වාධීන උපදේශන මණ්ඩලයේ සාමාජිකයන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර පළමු වරට අඟහරුවාදා (ඔක් 03) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත් කරන ලද ඉහත කී ස්වාධීන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ හිටපු ක්‍රිකට් අන්තර්වාර කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසුරියය.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, අනුර තෙන්නකෝන් යන හිටපු ක්‍රිකට් නායකයෝ එහි සාමාජිකත්වය දරති.

අදාළ කමිටුවේ සාමාජිකයන් එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සැලැස්මක් ක්‍රීඩා ඇමතිවරයා වෙත පළමුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහේල ජයවර්ධන පැවසීය.

"ඊට අමතරව ඒ ගන්නා වූ කෙටි කාලීන සැලසුම් ස්ථාවර කර ගැනීම සඳහා දිගු කාලීන සැලසුම් කිහිපයක් තිබෙනවා," යනුවෙන් කී මහේල ජයවර්ධන එකී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම පවතින්නේ ක්‍රීඩා ඇමතිවරයා යටතේ බව සඳහන් කළේය.

"අප සාමාජිකත්වය දරන කමිටුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ කමිටුවක් නොවෙයි. ඒ සැලසුම් ක්‍රියාවට නංවන්න ඕන ඔවුන්. එසේ නැති වුනොත් අප මේ වැය කරන කාලයෙන් සහ මේ හමුවීම්වලින් වැඩක් නැහැ."

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සැලැස්මක් මහේල ජයවර්ධන විසින් 2015 වසරේ දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දෙනු ලැබීය.

දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් මුල් කර ගනිමින් ඔහු විසින් එවැනි ක්‍රිකට් සැලැස්මක් භාර දෙනු ලැබුවේ 2015 වසරේ දී පත් කරන ලද සිදත් වෙත්තමුනිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු කමිටුවේ ඉල්ලීමකට අනුවය.

එම ක්‍රිකට් සැලැස්ම ක්‍රියාත්මක නොවූ බැවින් මෙවරත් එය ක්‍රියාත්මක වේදැයි පවතින විශ්වාසය කුමක්ද යනුවෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේ, "අවසාන ප්‍රයත්නයත් යොදවලා බලමු. මේක මගේ අවසාන උත්සාහය. මේ සැලසුම් ක්‍රියාත්මක වුනේ නැතිනම් නැවත නැවත පැමිණ ඒ දේ කරන්න උත්සාහ කරන එක මටත් අපහසුයි," යනුවෙනි.

අදාළ කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු නායක කුමාර් සංගක්කාර කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට "පැලැස්තර අලවනවා වෙනුවට" නිසි දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වඩාත් උචිත බවය.

"අපිට එක සාකච්ඡාවකින් ඒ වැඩේ කරන්න බැහැ. හරියට සාකච්ඡා කරලා සියලු අදහස් එකතු කරලා බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම කමිටුවේ සාමාජික හිටපු නායක අරවින්ද ද සිල්වා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සහ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් යම් කිසි කාර්ය භාරයක් සිදු කිරීම එහි මූලික අරමුණ බවය.

(BBC)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා මහේල "අවසන් උත්සාහයක"
ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා මහේල "අවසන් උත්සාහයක"
http://ift.tt/2yV1T7K
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy