ආයුධ සන්නද්ධ කැරැල්ලක් අවසන් වී වසර අටක් ගතවී ඇතත් ඊට සම්බන්ධ දේශපාලන සිරකරුවන් පිළිබඳ පාලකයන්ට නිවැරදි තීන්දුවකට පැමිණීමට හැකිවී නැත. ඇත...
ආයුධ සන්නද්ධ කැරැල්ලක් අවසන් වී වසර අටක් ගතවී ඇතත් ඊට සම්බන්ධ දේශපාලන සිරකරුවන් පිළිබඳ පාලකයන්ට නිවැරදි තීන්දුවකට පැමිණීමට හැකිවී නැත. ඇතැමෙක් බන්ධනාගාරයේ රැඳී සිටින්නේ නඩුවක් හෝ නොමැතිවය. සංහිඳියාව පිළිබඳ වඩා වැඩියෙන් කතා කරන මොහොතක මෙලෙස මිනිසුන් හිරකර තබා ගැනීම කොතරම් දුරට සාධාරණද? යුද්ධයේ පීඩාවට වඩා මේ සිරකර තබාගැනීම පීඩාවකි. මේ මොහොත වෙන විට රැඳවුම් භාරයේ සිටින දේශපාලන සිරකරුවන් තිදෙනෙකු උපවාසයක් ආරම්භ කර තිබීමෙන් එම පීඩාව පමණක් නොව ආණ්ඩු ඔවුන් සම්බන්ධයෙන් වන සැලකිල්ලේ තරමද පෙන්නුම් කරන්නකි. එමෙන්ම ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් වන අරගලයද දිනෙන් දින තීව්‍ර වෙමින් පවති.
යුද්ධය අවසන් වී වසර අටක් ගතව ඇති මොහොතක වුවත් අදටත් නොවිසදුණු එහෙත් ඒ වෙනුවෙන් වන අරගලය අඛණ්ඩව ඉදිරියට යන මොහොතක ඒ පිළිබඳ කතා කිරීමට අපි තීරණය කළෙමු. ඒ අනුව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු එම්. සත්තිවේල් පියතුමා සමඟ අපි සම්මුඛ වූයෙමු.
"දේශපාලන සිරකරුවන් ලෙස රඳවා ගෙන සිටින්නේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත අය. ඉතින් හැමවෙලාවෙම ඔවුන් දිහා බලන්නේ ත්‍රස්තවාදී ඇසින්. පහුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ත්‍රස්තවාදය කියන තැනින් තමයි කටයුතු කළේ. යුද්ධය අවසන් වෙලා අවුරුදු අටක් ගෙවිලා. ඒත් මේ ප්‍රශ්නය විසඳිලා නැහැ. පවුල් පිටින් අසරණ වෙලා. මෙහෙම සංහිඳියාවක් ගැන කතා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙන්නේ. අපට පෙනෙන්න තියෙන දෙයක් තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ දේශපාලන සිරකරුවන්ට කෙසේ හෝ දඬුවම් දීම. ඒ දඩුවම් දීම කියන්නේ දෙමළ මනුස්සයාගේ දේශපාලනයට තිත තැබීමක්. ඒත් මිනිස්සු නිකම් බලාගෙන ඉදිවී කියලා හිතන්නේ කොහොමද? මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්න බැහැ."
මේ රට පාලනය කරන්නේ හමුදාවන් සහ අන්තවාදී බෞද්ධ භික්ෂුන්
"අපි හිතනවා මේ රට පාලනය කරන්නේ මෛත්‍රී-රනිල් කියලා. නැහැ. ඒක වැරදි යි. මේ රට පාලනය කරන්නේ හමුදාවන් සහ අන්තවාදී බෞද්ධ භික්ෂුන්. මේ දෙපාර්ශවයේ බලය තමයි දැන් පෙන්න තියෙන්නේ. මේ රටේ දේශපාලනය හැසිරෙන්නේ බෞද්ධ ජන්ද පදනම් කරගෙන. ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් බෞද්ධ සමාජය මුලික කර ගෙන ක්‍රියා කළ යුතු බවට ඔවුන් සිතනවා. මේ රටේ දේශපාලනය හැසිරෙන්නේ එහෙම. මෙතැනදී බෞද්ධ පදනම ජයග්‍රහණය කිරවීමට නම් දෙමළ දේශපාලනය ඝාතනය කළ යුතු වෙනවා. අපිට ඉතා වැදගත් දේශපාලන පාඩම් දෙකක් ඉතිහාසය විසින් දී තිබෙනවා. 71 කැරැල්ල සහ 88-89 කැරැල්ල. තරුණයන් දහස් ගණනින් ඝාතනය කළත් ඒ දේශපාලනය ඝතනය කරන්න බැහැ. අපි මෙය තේරුම් ගත යුතුයි. කොහොම වුනත් ජාතිවාදී, ධනවාදී ආණ්ඩුවල ස්වභාවය තමයි තමන්ට එරෙහිව යමක් ඇත්ද, එය ඝාතනය කර දැමීමයි."
අවශ්‍ය සහජීවනය නම් ප්‍රථමයෙන් ජාතිවාදය පරාජය කරන්න
යුද්ධයේදී නිහඬ වුණේ ආයුධ විතරයි. යුද්ධය තාම පවතිනවා. අත්පත්කර ගත ඉඩම් තාම නිදහස් කරලා නැහැ. පසුගිය කාලය ගත වුණේ දෙමළ ජනතාව මුලා කිරීමෙන්.සංවර්ධන ව්‍යාපෘති වලින් මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න වහගෙන ඉන්නේ. තාමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න හැකි වෙලා නැහැ. මම හිතන විදිහට දකුණේ ජනතාව පවා මේ පනත අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරන්න ඕනේ. අනික දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් පවා ඔවුන් හඬ නැගිය යුතුයි. අද දෙමළ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය හෙට සිංහල ජනතාවට මුහණ දෙන්න වෙන්න පුළුවන්. නමුත් වියයුත්තේ සියලු දෙනා සමඟින් සහජීවනයෙන් ජීවත් වීම. ඒ වෙනුවෙන් ජාතිවාදය පරාජය කිරීම අනිවාර්ය කාරණයක්. එය කළ හැක්කේත් පීඩිත මිනිස්සුන්ගේ එකතුවෙන් පමණයි."
සිංහල දේශපාලකයෝ විතරක් නෙවෙයි දෙමළ දේශපාලකයොත් දෙමළ මිනිස්සු රැවටුවා
මම හිතන්නේ මේ රටේ කිසිකෙනෙකුට නැවත ලේ හැලීමක් කරන්න අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ ජීවත් වීම. අපි දැක්කා පහුගිය දා රාජිත සේනාරත්න මහත්මයා දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවට ප්‍රකාශයක් කරනවා. එය ඔහුගේ පෞද්ගලික මතය. මොකද මේ ප්‍රශ්නය ගැන තාමත් කැබිනට් එක තුළ හඩක් නැගෙනවා කියලා මම හිතන්නේ නැහැ. හඩක් නැතිව කොහොමද මේ ප්‍රශ්නය විසදන්නේ. තවදුරත් මෙවැනි ප්‍රශ්න ඉතිරි කරගෙන හිඳීමෙන් වෙන්න නැවත නැගිටීමක් වෙන එක.ඊට සිංහලද දෙමළද කියලා නැහැ.අනික තමයි දෙමළ දේශපාලකයන්ගේ හැසිරීම. දැන් උපවාසයේ ඉන්න රැඳවියන් ගැනවත් ඔහුට හැඟීමක් නැහැ. ඔහු දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලකයෙක් දෙමළ ජාතික සන්ධානය කියන්නේ දෙමළ මිනිස්සුන්ගේ ජන්ද වලින් ජාතික දේශපාලනයට ආපු අය නෙවෙයිද. ඔවුන්ටත් පැවැත්ම තියෙන්නේ මේ ප්‍රශ්න ප්‍රශ්න විදිහටම තියෙනකම්. මේ දේවල් සිංහල දෙමළ භේදයක් නැතිව අපි හැමෝම වටහා ගත යුතුයි. මොකද සමස්තයක් ලෙස අපි හැමෝම පීඩිත ජනතාව. තවදුරටත් අපි දේශපාලනය ඉදිරියේ රැවටීමට ලක්විය යුතු නැහැ.
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන
--
Ashika Brahmana
Journalist
+94 71 9110485
COMMENTS