දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපන අමාත්‍යාංශයේ ටෙන්ඩර් මගඩියක්.
Homeප්‍රවෘත්ති

අධ්‍යාපන අමාත්‍යාංශයේ ටෙන්ඩර් මගඩියක්.

PropellerAds

අප විසින් පසුගියදා අනාවරණය කල පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ සිසුන් හට Tablet පරිගණක ලබා දීමේ ටෙන්ඩරය අමාත්‍යාංශයේ ඉහල නිලධාරී...

නිලාවේලිහිදී බෝට්ටුවක් පෙරළීමෙන් 5ක් මරුට
සමාජ ජාලා මගින් අසත්‍ය ප්‍රචාරය කළ සිසුන් දෙදෙනා රිමාන්ඩ්
"මහනුවර සිද්ධියට මුවාවී රටේ ප්‍රශ්න අමතක කළා" - මහින්ද

අප විසින් පසුගියදා අනාවරණය කල පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ සිසුන් හට Tablet පරිගණක ලබා දීමේ ටෙන්ඩරය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් විසින් තම පෞද්ගලික වාසිතකා තම හිතවත් Metropolitan සමාගමට ටෙන්ඩර පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දීමට සැලසුම් කර තිබුණී. මේ සදහා, ඉතා සුක්ෂම ලෙස අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන හා ඉදිකිරීම් අතිරේක ලේකම්වරයා තාක්ෂණික කමිටු සභාපතිවරයා සමග එක්ව ඇගයීම් වාර්තාව එකී සමාගමට වාසි වන ආකාරයෙන් සකසා තිබිණි. 

ඉන් අනතුරුව තාක්ෂණ කමිටු සභාපතිවරයා විසින් සකසන ලද නිර්දේශය සාකච්ඡා කිරීමට ප්‍රසම්පාදන කමිටු රැස්වීමක් පැවැත්වූ අතර එහිදී ඔහු විසින් ඔහුගේ නිගමනය සනාථ කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරන ලදී. නමුත්  ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද්දේ එකී සමාගම ඉදිරිපත් කර තිබු ලංසුවල වටිනාකම ඇස්තමේන්තුගත වියදමට වඩා බෙහෙවින් ඉහල බැවින් එකී සමාගම සමග නැවත සාකච්ඡා කොට ලංසු වටිනාකම පහළ දමන ලෙසයි. ඒ අනුව අමාත්‍යාංශ ප්‍රසම්පාදන හා ඉදිකිරීම් අතිරේක ලේකම්වරයා එකී සමාගම සමග සාකච්ඡාවක් පවත්වා ලංසු වටිනාකම පහළ දමන ලෙස ඉල්ලීමක් කල අතර එහිදී ඔවුන් විසින් පෙර ලබාදී  තිබු ලංසු වටිනාකම වන බිලියන 7.4 සිට  6.8 දක්වා පහත හෙලන ලදී. නමුත් එම මිල ගණන් පහතදැමීම ඔවුන් විසින් අපේක්ෂා කල මට්ට්මේ නොතිබූ අතර ලංසු සැපයු සමාගම් අතුරින් එක් සමාගමක් සමග මිල ගණන් පහත දැමීමට සාකච්ඡා කිරීම ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවද මෙහිදී අනාවරණය වූ විශේෂ කරුණක් විය. 

මේ අතර මෙකී කරණා ගැන ඉතා සුක්ෂම ලෙස රුපියල් බිලියන 5.4 කට වැඩි ලංසු ඉදිරිපත්කල සහ ඉහත කි තාක්ෂණික කමිටු සභාපතිවරයා විසින් ටැබ්ලට් පරිගණකයට ඉල්ලාසිටි FCC සහතිකය වෙනුවට එකී පරිගණකයේ යම් උපාංදයකට පමණක් වංචනික ලෙස සැකසු සහතිකපත් ඉදිරිපත්කල තවත් සමාගමක් බොරදියේ මාළු බෑමට ඉදිරිපත් විය. එනම් ඇමැතිවරයා සහ තාක්ෂණික කමිටු සභාපතිවරයා මුදලට එම සමාගම වෙත නංවා ගැනීමයි. එහි ප්‍රතිඵලය වුයේ ඇමැතිවරයාගේ උපදෙස් පරිදි තාක්ෂණික කමිටු සභාපතිවරයා එම කාර්යය ඉටු කිරීමට තවත් එක් තාක්ෂණික කමිටු සමාජකයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු සමග ඉදිරිපත් විමයි. 

මේ සඳහා තාක්ෂණික කමිටු සභාපතිවරයා විසින් නැවතත් සාමාජිකයන් සමග සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී ඔහු විසින් නිවැරදි FCC සහතිකය නොමැති  නිසා පෙර තාක්ෂණික ඇගයීම් වාර්තාවෙන් ඉවත්කරන ලද Abansසමාගමවිසින් ඉදිරිපත්කල තිබු ටැබ්ලට් පරිගණකයෙහි FCC සහතිකපත්රය නැවත නිවැරදි සහතික පත්‍රයක් යැයි ඒත්තු ගැන්වීමට උත්සාහ කරන ලදී. නමුත් මේ පිළිබඳ අනිකුත් කමිටු සමාජිකයන් විශ්මයට පත්වූ අතර සභාපතිවරයාගේ හැසිරීම මහත් ගැටලුවක් විය. තවද කමිටුවක් ලෙස පෙරගත් තීරණය වෙනස් කිරීමට තැත් කිරීමද සැකයට තුඩුදෙන ලදී. ඒ නිසා ඔවුන් විසින් නැවතත් ඉතා සුක්ෂම ලෙස එකී සමාගම ඉදිරිපත් කරන ලද සහතික සහ අමාත්‍යාංශය වෙත සපයා තිබු සාම්පල නිරීක්ෂණය කල අතර එහිදී අනාවරණය වුයේ ඒවා පරස්පර සහ නිවැරදි ඒවා නොවන බවයි. ඒ අනුව ඔවුන් විසින් සභාපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල අතර පෙර ලබාදී තිබු තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමට එකඟ විය. එමනිසා තාක්ෂණික කමිටු සභාපතිවරයා මහත් ලැජ්ජාවට පත්වූ අතර සාමාජිකයන්ගේ තීරණය අවසාන තීරණය ලෙස පිළිගැනීමට එකඟ විය. 

මෙකී කරුණු හමුවේ ඇමතිවරයාගේ සහ තාක්ෂණික කමිටු සභාපතිවරයාගේ ප්‍රයත්නය ව්‍යර්ථ වි ගිය අතර ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ අවසාන තීරණය ප්‍රසම්පාදන කමිටුව වෙත ලබාදීමට ඔවුන් විසින් තීරණය කරණ ලදී. ඒ අනුව පසුගිය දිනක ප්‍රසම්පාදන කමිටු රැස්වීමක් අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර එහිදී තාක්ෂණික කමිටු  සභාපතිවරයා විසින් තමන් ගත් තීරණය සනාථ කිරීමට දීර්ඝ පැහැදිලිකිරීමක් සිදුකරන ලදී. පසුව අවසානයේදී වාද විවාද වලින් පසුව පිළිගත නොහැකි ඇගයීම් වාර්තාවක් නිසා සහ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් වලංගු වන සහතික පත්‍රයක් (FCC) නිසා අවම ලංසුවේ සිට රුපියල් බිලියන 3.2 කට වැඩි ලංසුවක් ඉදිරිපත්කළ Metropolitan ආයතනයට එම ටෙන්ඩරය ලබාදීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කරන ලදී.

තවද මෙකී උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ්ලට් පරිගණක ලබාදීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දෙස අවධානයෙන් බලාසිටින ඕනෑම කෙනෙකුට ගම්‍ය වන සුවිශේෂී කාරණාව වනුයේ මේ සඳහා පත් කල නිලධාරීන් තම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට මහජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් වංචා කරන බවයි. තවද ඒ සඳහා දේශපාලන බලපෑම් ද නොඅඩුව ලැබෙන බවයි. මෙයට උදාහරණ ලෙස අදාල අමාත්‍යාංශයේ ඇමැතිවරයා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අධීක්ෂණයට පත්කළ ප්‍රසම්පාදන හා ඉදිකිරීම් අතිරේක ලේකම්වරයා, තාක්ෂණික කමිටු සභාපතිවරයා සහ මේ සියල්ල සම්බන්ධිකරණය කිරීමට පත් කල අධ්‍යාපන රා‍ජ්‍ය අමාත්‍යාංශයෙහි ලේකම්වරයාද දැක්විය හැක. 

වංචා දුෂණ වලින් තොර රටක් බිහිකිරීමට පොරොන්දු වි බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක වගකිවයුතු නිලධාරින් විසින් කරන දැයේ දරුවන් හට තාක්ෂණික මෙවලම් ලබාදීමේ ටෙන්ඩරයේ මහා පරිමාණ දුෂණ හා වංචා හමුවේ අදාල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මුනිවත රැකීම ඔහු ද මේ සඳහා අනුබල දෙන්නෙකු මෙන්ම කොටස්කරුවකුද යන ප්‍රශ්නය මතු කරන්නකි. 

අප මීට පෙරද ප්‍රකාශ කළ පරිදි අනුරාධ විජේකෝන් නම් අතිරේක ලේකම්වරයා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිටියතාක් එහි සියළුම ටෙන්ඩර් මෙට්‍රොපොලිටන් ආයතනය වෙත ලබා දීමට කටයුතු කළේය. දැන් ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි වහාම මෙට්‍රොපොලිටන් සමාගම ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ටෙන්ඩර් ලබා ගැනීමට පැමිණ තිබේ. ඇමරිකාවට පමණක් අදාල සහතික පත්‍රයක් තාක්ෂණිකව මූලික කරුණක් ලෙස දක්වමින් මොවුන් මේ කරන්නේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට වෙන් වුණු මුදල් වලින් රුපියල් බිලියන 3.2ක මුදලක් අවභාවිතා කිරීමය. එම ටෙන්ඩරය මෙට්‍රොපොලිටන් සමාගමට ප්‍රදානය කිරීමේ අභිලාශය දැක්වෙන ලිපිය ද පහතින් දක්වා ඇත. 

මේ මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අනුරාධ විජේකෝන් අතිරේක ලේකම්වරයාට පැවසීමට යමක් ඇත්නම් ඊට ද ඉඩ ලබාදීමට අප සූදානම් ය. 

(LNW)



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපන අමාත්‍යාංශයේ ටෙන්ඩර් මගඩියක්.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ටෙන්ඩර් මගඩියක්.
http://ift.tt/2yoFW3m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_920.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_920.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy