ජාතීන් අතර අසමගිය ඇතිවන ලෙස අන්තර්ජාලය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය දින අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාග...
ජාතීන් අතර අසමගිය ඇතිවන ලෙස අන්තර්ජාලය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය දින අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (11) ඉදිරිපත් කිරීමෙන් පසුවය.
ඔවුන් මාකොළ තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසට අධිකරණය නියෝග කර ඇත.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මිනුවන්ගොඩ සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
COMMENTS