දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැටලෝනියාව සුරකින ගැහැනිය
Homeප්‍රවෘත්ති

කැටලෝනියාව සුරකින ගැහැනිය

PropellerAds

දේශපාලනයට පිවිසීමට පෙර රජයේ නීතීඥවරියක් ලෙස කටයුතු කළ මරීයා, රාජ්‍ය තාන්ත්‍රික භාවය දැඩි සේ විශ්වාස කරන්නියකි. බෙදුම්වාදයට එරෙහි නීති පිළ...

සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
වාසු කියන විදියට කන්න වෙන්නේ වට්ටක්කයි වම්බොටුයි අනිත් එළවලු මිල ගණන් වාර්තාගත ලෙස ඉහලට
ජනාධිපති 13 සංශෝධනය ගැන කතා කරන්නවත් වෙලාවක් දෙන්නෙ නෑ.. දෙමල ජනතා අනාගතය අවිනිශ්දචිතයි.. අපි ඉන්දියාවට කියනවා - සම්බන්ධන්
කැටලෝනියාව සුරකින ගැහැනිය

දේශපාලනයට පිවිසීමට පෙර රජයේ නීතීඥවරියක් ලෙස කටයුතු කළ මරීයා, රාජ්‍ය තාන්ත්‍රික භාවය දැඩි සේ විශ්වාස කරන්නියකි. බෙදුම්වාදයට එරෙහි නීති පිළිබඳ විශේෂඥවරියක ලෙස ද ඇය හැඳින්වේ. මේ අනුව අගමැති මරියානෝ විසින් කැටලෝනියා අර්බුදය විසඳීමේ වැඩි වගකීම භාරදී තිබෙන්නේ ඒ සඳහා සුදුසුම චරිතය වෙත ය. 

මධ්‍ය දක්ෂිණාංශික ජනප්‍රිය පක්ෂය (PP)  නියෝජනය කරන අගමැති මරියානෝට මෙන් නොව, ඇයට සිය දේශපාලන ජීවිතයේ මේ දක්වා කිසිදු අවස්ථාවක දූෂණ චෝදනා ද එල්ල වී නැත.  

මරීයා සොරායා දේශපාලනයට පිවිසියේ 2004 මහමැතිවරණයෙනි. එම වර්ෂය මැඩ්රිඩ් අගනුවර ත්‍රස්ත ප්‍රහාරයෙන් සලිත වීම නිසා PP පක්ෂයට අසීරු කාලයක් වුවත්, එය මරීයාගේ සාර්ථකත්වයට අභියෝග කළේ නැත. පසුව PP පක්ෂය 2011 වසරේ ආණ්ඩු බලය දිනාගත්තේ මරියානා රහොයි අගමැති තනතුරට පත් කරමිනි. 2008 වසරේ හටගත් ගෝලීය බැංකු අර්බුදය ජය ගනිමින් ස්පාඤ්ඤයේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන බව මරියානෝගේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් විය. මරීනා එම පාර්ලිමේන්තුවේ ප්‍රකාශිකාව බවට පත්වූවාය. ඇයව උප අගමැති තනතුරට නාම යෝජනා විණි. මෙම වැදගත් තනතුර ලැබෙන විට ඇය සිටියේ සිය පුද්ගලික ජීවිතයේ ද වැදගත් කඩඉමක් පසු කරමිනි. එනම් ඇය සිය පුතුට උපත ලබා දුන්නේ එයට දින 11කට පෙර ය. 

දරු ප්‍රසූතියෙන් දින 11කට පසු ඇය නැවත රැකියාවට ගියාය. වෙනත් වචනවලින් පවසන්නේ නම් මාස 4 ක ප්‍රසූත නිවාඩුව ඇය ඉවත දැමුවාය.  එක්සත් රාජධානියේ පළ වන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර සිටියේ මරීනාගේ මේ නිර්භය පියවර දෙස ස්පාඤ්ඤය ඇහිබැම හකුළුවාගෙන පුදුමයෙන් බලා සිටි බවයි. 

උප අගමැතිවරිය ලෙස කටයුතු කරන අතරවාරයේ මරීයා සොරායා අධිකරණ අමාත්‍යවරිය වශයෙන් ද කටයුතු කළාය. සෞඛ්‍ය ඇමතිනිය ලෙස ද වගකීම් දැරුවාය. 2016 වසරේ පටන් දේශභූමි පරිපාලනය පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නේ ඇයයි. කැටලෝනියාව වෙනම දේශභූමියක් වශයෙන් සිය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමේ අර්බුදය ඇගේ විෂය යටතට වැටෙන්නේ මේ පසුබිම යටතේ ය. 

එසේම පසුගිය වසර පුරා ඇය විසින් අවස්ථා ගණනාවකදී විශේෂ නියෝජිතවරියක වශයෙන් කැටලෝනියාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. එහි සංචාරයන් ගණනාවක් ද සිදුකළ ඇයට, කැටලෝනියාවේ දේශපාලන ක්‍රියාකාරීන් පිළිබඳව ස්පාඤ්ඤ මධ්‍යම රජයේ අන් සියල්ලන්ටම වඩා හොඳ අවබෝධයක් ඇති බව සැලකේ. 

කැටලෝනියානු සෙනෙට් සභාවේ අනුමැතිය හරහා අගමැති මරියානෝ රහෝයි කැටලෝනියාව කෙරෙහි ස්පාඤ්ඤයේ සෘජු පාලනය බලපවත්වන්නට පෙර දිනයේ ඇය කැටලෝනියාව පිළිබඳ අනම්‍ය කතාවක් පැවැත්වූවාය. එහිදී මෙසේ කීවාය. “අපි කැටලෝනියාව රැක ගත යුතුයි”

සෙනෙට් සභාව අමතා ඇය කළ කතාවෙන් කොටසකි, මේ. “කැටලෝනියානු නිදහස් සටනේ නායකයන් ඔවුන්ගේ සැබෑ මුහුණ පෙන්වා තිබෙනවා. ඔවුන් සිහිනයක් ඉටු කර දෙන්නට ජනතාවට පොරොන්දු වී කූට ප්‍රයෝග කරනවා..”

මේ අනුව ඔක්තෝබර් 1 වැනිදා පැවති නීතිවිරෝධී ජනමත විචාරණයේදී ස්පාඤ්ඤ මධ්‍යම රජයෙන් කැඩී වෙන් වී යාමට කැමැත්ත පළ කළ මිලියන 2 ක් වූ කැටලෝනියානුවන්ට, ඔවුන් ගත් මග මුළාවක් බව පෙන්වා දීමේ වගකීම ඇය සතුය. 

ඇය එයට සමත් වේවිද..?

පැහැදිලිවම ඇය අගමැති මරියානෝගේ “අර්බුද කළමනාකාරවරිය”යි. 2014 වසරේ එබෝලා වසංගතය පැතිරෙන සමයේ මෙන්ම 2015 වසරේ ජර්මන්වින්ග්ස් ගුවන්යානා අනතුර සිදුවූ අවස්ථාවේදී ද ඇය ඒ බව කදිමට පෙන්වා දුන්නාය. 

2015 වසරේ USA Today  පුවත්පත පෙන්වා දුන්නේ ඇය යුරෝපයේ සිටින බලවත්ම කාන්තාවන් පස් දෙනාගෙන් එක් අයෙක් බවයි. “අතිශය ආකර්ෂණීය දේශපාලන කථිකයෙකු නොවුණත් ජනප්‍රිය නොවන ආණ්ඩුවක සිටින ජනප්‍රියම අමාත්‍යවරිය” ඇය බව ද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව කැටලෝනියානු අර්බුදය අපට තවත් නමකින් හඳුන්වා දිය හැකිය. ඒ, ‘මරියානෝ සහ මරීයාගේ දේශපාලන හැකියාව උරගා බලන පරීක්ෂාවක්“ ලෙස ය. 

සුපිරි පොප් ගායිකා ඒමි වයින්හවුස් සහ කෝල්ඩ් ප්ලේ ගීත ඇසීමට ප්‍රිය කරන මරීයා ස්ත්‍රීවාදිනියකගේ ගති ලක්ෂණ ප්‍රකට කළද ඇය වාමාංශික ස්ත්‍රීවාදිනියන් අතර එතරම් ජනප්‍රිය චරිතයක් නොවන්නේ ඇගේ දක්ෂිණාංශික දේශපාලන ආකල්ප හේතුවෙනි.

විවිධ විලාසිතාවලට අයත් අත්වැසුම් එකතුවක් මරීනා සොරායාට තිබේ. ඒ අතරින් කවර අත්වැසුමක් දමාගෙන ඇය කැටලෝනියාවේ බාසිලෝනාවට අත දමාවිදැයි තවම නිශ්චිත නැත.

මෙය මේ තරුණ දේශපාලන නායිකාව සිය ජීවිතයේ මුහුණ දෙන අභියෝගාත්මක ම පරීක්ෂණයයි. නමුත් ඇගේ පෞරුෂය සහ දැනටමත් ප්‍රකට කර තිබෙන වගකීම් සහගත නායකත්ව ලක්ෂණ හේතුවෙන් බොහෝ අය විශ්වාස කරන්නේ ඇය කැටලෝනියාව සම්බන්ධයෙන් ඉතා ඉක්මන් විසඳුමක් ලබාදෙනු ඇති බව ය.

 
බීබීසී ඇසුරෙනි.
- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැටලෝනියාව සුරකින ගැහැනිය
කැටලෝනියාව සුරකින ගැහැනිය
http://ift.tt/2yZOXA9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_857.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_857.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy