ලෝක බැංකු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී ප්‍රථමික සෞඛ්‍ය නගා...
ලෝක බැංකු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී ප්‍රථමික සෞඛ්‍ය නගා සිටුවීම සදහා ජාතික මට්ටමේ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය. ඒ සදහා රුපියල් මිලියන 200 ක පමණ මුදලක් ලබාදීමට ලෝක බැංකුව සුදානමින් සිටියි.
බෝනොවන රෝග පාලනය කිරීම සඳහා ද ලෝක බැංකුව පසුගිය වසර කිහිපය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට මුල්‍යාධාර ලබාදී ඇත. එම මුදල් වලින් සිදු කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබදව මෙහිදී සාකච්ඡා කළ අතර, එහි ප්‍රගතිය පිළිබදව ලෝක බැංකු නියෝජිතයින් සතුට පළ කරන ලදි.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, දුම්කොල හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා, ලෝක බැංකුවේ ශ්‍රි ලංකා නියෝජිත වෛද්‍ය දීපිකා ආට්ගල මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.
COMMENTS