සයින්දමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් මෙම හර්තාලය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සිකුරාදා සයින...
සයින්දමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් මෙම හර්තාලය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සිකුරාදා සයින්දමරුදු ප්‍රදේශවාසීන් පෙළපාලියකින් ගොස් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දී තිබේ.
පසුගිය 2015 මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සයින්දමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාදෙන බවට මුස්ලිම් නායකයන්ට පොරොන්දු වී ඇති බවත් එහෙත් පළාත් පාලන මැතිවරණය මුවවිටට පැමිණ තිබියදීත් එම පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කර නොමැති බවත් හර්තාල් සංවිධායකයන් පෙන්වා දෙනවා.
තම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් අඛණ්ඩ හර්තාලයක් දියත් කරන බව ද හර්තාල් සංවිධායකයන් අවධාරණය කරයි.
COMMENTS