විධායක ජනාධිපති තනතුර අහෝසි කරන බව පවසමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටි බවත් ඔහු නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුව...
විධායක ජනාධිපති තනතුර අහෝසි කරන බව පවසමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටි බවත් ඔහු නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවයි විජිත හේරත් මහතා පවසන්නේ.
මේ වනවිට සමස්ත පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කර විවිධ ක්ෂේත්‍ර සඳහා අනු කමිටු ද පත්කර ඇති අතර ජනාධිපතිධූරය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම, සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සංහිඳියාව ඇතිකරමින් ජාතික ගැටලුව විසඳීම යන ප්‍රධාන කරුණු 03 සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමේ අරමුණින් මෙහෙයුම් කමිටුවක්ද පත්කර වාර්තාවක් ද සකස් කර තිබේ. එම වාර්තාව පදනම් කර ගනිමින් සියලු පක්ෂවල නියෝජනය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් අතුරු වාර්තාවක් ද සකස් කර ඇතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක දළ කෙටුම්පතක් හෝ සකස් කර නොමැති බව ද ජවිපෙ පෙන්වා දෙයි.
මේ වනතෙක් සියලු ජනාධිපතිවරුන් විධායක බලතල උපරිම ලෙස භාවිතා කළ අයුරින්ම වත්මන් ජනාධිපතිවරයා ද විධායක බලතල භාවිතා කරන බවත් විජිත හේරත් මහතා පවසයි. විධායක ජනාධිපතිධූරය සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රීලනිපයේ මතය කුමක් වුවද ලැබී ඇති ජනවරමට පිටුපා කටයුතු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි බවත් ඔහු විධායක ජනාධිපතිධූරයට අහෝසි කිරීමට පොරොන්දුවක් ලබා දී ඇති බවත් විජිත හේරත් මහතා පවසයි.
උපාලි සපරමාදු
COMMENTS