දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 වනවිට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරන්න යයි.
Homeප්‍රවෘත්ති

2020 වනවිට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරන්න යයි.

PropellerAds

වසර 2020 වනවිට මෙරට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජර්මනියේ බර්ලින් නුවර ...

"අපරාධ අඩුයි - පොලීසිය හොඳයි" - පොලිස් ඇමැති කියද්දී ඇමැති අජිත්ගෙන් දොස්
ශ්‍රීලනිපයේ නායකත්වය නැතුව පෙරමුණු හදන්න බැහැ - උතුරු ආණ්ඩුකාර
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

වසර 2020 වනවිට මෙරට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජර්මනියේ බර්ලින් නුවර පසුගිය 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවති ලෝක සෞඛ්‍ය සමුළුව අමතමිනි. 

මෙම සමුලුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. මෙහිදී බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද සැසිවාරයක් පැවැති අතර ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක්ව සිටියහ. එම සැසිවාරය මෙහෙය වන ලද්දේ ජෝර්දානයේ Dina Mried කුමරිය සහ බ්‍රිතාන්‍ය Financial Dines සගරාවේ කතෘ Andrew Aack මහතා විසිනි. මෙම සැසිවාරයේ අනෙකුත් සාමාජිකයින් වුයේ බ්‍රිතාන්‍ය බෝනොවන රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී Katie Dais මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කළාපීය නිලධාරී Eaudes Eaiea මහතා, ජර්මනියේ SanoFi ඖෂධ සමාගමේ උප සභාපති Stefan Oelrich යන අයයි.

මේ වනවිට බරවා, මැලේරියා වැනි රෝග මැඩපවත්වා ඇති බව අවධාරණය කළ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි වසර කිහිපය තුළදී බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. එ් සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද ඇමතිවරයා සමුළුවේදි ප්‍රකාශ කළේය. මෙරටේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් 60% ක් පමණ මියයන්නේ බෝ නොවන රෝගවලට ගොදුරුවීමෙන් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිවරයා,

“සීනි පරිභෝජනය පාලනය කිරීම සදහා පැණිබීම වර්ග වලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීමෙන් පසු එහි අලෙවිය අඩු වුනා. එම නිසා පැණිබීම වර්ග නිෂ්පාදන සමාගම් ද සීනි ප්‍රමාණය අඩුකර තිබෙනවා. අපේ රජය විසින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. ඒ අන්තර්ජාතික දත්ත විශ්ලේෂණයකින් අනතුරුවයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී විවිධ බලපෑම් වලට මුහුණදීමට සිදු වුනා. ඖෂධ සමාගම් බලපෑම් එල්ල කළා. මට විරෝධතා දැක්වූවා. නමුත් ජනතාව වෙනුවෙන් එම තීන්දු තීරණ නිසි අයුරින් මා ගනු ලැබුවා. ඇතැම් ඖෂධ සමාගම් පෙන්වා දුන් කරුණු සධාචාරාත්මක නොවන බව මා පෙන්වා දුන්නා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් විවිධ වෙළෙද නාමයන් යටතේ අලෙවි කරන ඖෂධ වර්ග 300 ක මිල අඩු වී තිබෙනවා. අපි සාධාරණ විදිහට තීන්දු තීරණ ගනු ලැබුවා. ඖෂධ මිල අඩු කිරීමෙන් පසු යුරෝපා සංගමයේ තානාපතිවරුන් පැමිණ අපි සමග සාකචිඡා කළත් ඔවුන්ට විද්‍යාත්මකව කරුණු පෙන්වා දීමෙන් පසු මිල අඩු කිරීම සාධාරණ බව තීන්දු කළා. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග දෙස් විදෙස් ඖෂධ සමාගම් 38 ක් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.”

“හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච නොමිලේ ලබාදීම, පිළිකා රෝගීන්ට පනවා තිබූ සීමා ඉවත් කිරිම වැනි ක්‍රියාමාර්ග පසුගිය දෙවර්ෂය තුල මා විසින් ගෙන තිබෙනවා. පෝෂණය සහ බෝනොවන රෝග පිළිබදව පාසල් සිසුන් දැනුවත් කිරිම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. පාසල්වල බෝනොවන රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන ආරම්භ කර ඇති අතර, සුව දිවි සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් ජනතාවගේ රෝග තත්ත්වයන් පරීක්ෂා කරනවා. වසර 2020 වනවිට බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීම සදහා මා විසින් සැළසුම් සකස් කර දියත් කර තිබෙනවා. දුම්කොළ පාලනය කිරීමේ වැඩපිළීවෙලට මූලික අඩිතාලම ගනු ලැබුවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. දුමිකොල බදු වැඩි කිරීමෙන් පසු රාජ්‍ය මුල්‍ය සැපයුමට බාධා එල්ල වන බවට විවිධ අර්ථකථන පුකාශ වුවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අය වැය පියවීමට දුම්කොල බදු අත්‍යාවශ්‍ය නොවන බවයි. ජනතාව බේරා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වුනා. ජනාධිපතිවරයාගේ අරමුණ මෙම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට මට රුකුළක් වුනා.” 

මෙම සැසිවාරයට පැය එකහමාරක කාලයක් වෙන් කර තිබූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග පාලනය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විනාඩි 50 ක කාලයක් කරුණු දැක්වීම ද විශේෂ සිදුවීමක් විය.

-උපාලි සපරමාදු

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 වනවිට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරන්න යයි.
2020 වනවිට බෝ නොවන රෝග 1/3 ක් පාලනය කරන්න යයි.
http://ift.tt/2hON4fh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/2020-13_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/2020-13_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy