දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දන්තධාතූන්ගේ භාරකරයත් පාස්පොර්ට් හොරෙක් ද?
Homeප්‍රවෘත්ති

දන්තධාතූන්ගේ භාරකරයත් පාස්පොර්ට් හොරෙක් ද?

PropellerAds

මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා මේ වන විට විදේශ ගතව සිටින බවට වාර්තා වේ. ඒ, D 3642881 දරණ රාජ තාන්ත්‍රික...

යුධවිරුවෙක්ට වුවත් වැරැද්දට කිසිදු සමාවක් ලැබෙන්නේ නෑ!
CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්.
ඇමසන් වනය ඈවරයි.

මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා මේ වන විට විදේශ ගතව සිටින බවට වාර්තා වේ.

ඒ, D 3642881 දරණ රාජ තාන්ත්‍රික (Diplomatic) ගමන් බලපත්‍රය භාවිතා කරමිනි.

පසුගිය රජය මඟින් රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍ර 2000කට වඩා නිකුත් කර තිබුණේ එම පහසුකම අවභාවිතා කරමිනි.

නමුත්, වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ සියලු රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍ර යලි කැඳවු අතර සුදුසු අයට නැවත ගමන් බලපත්‍ර ලබා දෙන බවට ප්‍රකාශ කල ද ඇතැමුන් එම ගමන් බලපත්‍ර යලි භාර දී ලබා දී තිබුනේ නොමැත.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ද පසුගිය 14 වන දා විදේශ ගතව තිබුණේ එම රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් දැයි අප ප්‍රශ්න කර  සිටින්නෙමු.

එසේම පසුගිය සමයේ සිදුවූ මිලියන 250ක අලි ගනුදෙනුව සම්බන්ධයෙන් මෙන්ම තවත් සිද්ධීන් රැසකටම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට චෝදනා එල්ල වී තිබිය දී ආණ්ඩුව නිහඬ සිටින්නේ ඇයි දැයි අප ප්‍රශ්න කරන්නෙමු.

පහතින් දැක්වෙන්නේ අලි ගනුදෙන්ව සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පල කල වාර්තාවකි. 

Elephantine fraud: Rs. 250 million racket in importing elephant for Dalada Maligawa

මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව දූෂණ වීරෝධී හඬ සංවිධානය විසින් අංක ACC/FC/2015/51 යටතේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ එම කාර්යාලය ඒ පිළිබඳ විමර්ශණ අවසන්කර අධ්‍යන වාර්තාවක් සහිතව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත. මෙම පැමිණිල්ල මගින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර වෙත චෝදනා ගණනාවක් එල්ල වී ඇත. එම චෝදනා අතර

01. මහනුවර ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩමක් වන “උඩගෙදරවත්ත” අක්කර 2.5ක් බැගින් කැබලිකර පර්චස් එකක් රුපියල් 65,000 බැගින් විකුණා එම මුදල වංචා කිරීම.

02. දළදා මාලිගාව සඳහා විවිධ පුද්ගලයන් හා දානපතියන් විසින් පූජා කරන ලද ස්වර්ණාභරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ සොරා ගැනීම.

03. දළදා මාලිගාව සතු මුදල් 2015 ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම.

04. දළදා මාලිගාව නමින් තීරබදු රහිත භාණ්ඩ ගෙන්වා එම භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා ගැනීම.

05. දියවඩන නිළමේවරයාට අයත් PND CONSTRUCTION නැමති ආයතනය දළදා මාලිගාවේ මුදල්වලින් නඩත්තු කිරීම හා එම ආයතනයේ බැංකු ගිණුමට රුපියල් කෝටි එකහමාරක මුදලක් තැන්පත් කිරීම.

06. දළදා මාලිගාවේ වියදමින් Mini Jhon Cooper වර්ගයේ වාහන අලුත්වැඩියාකිරීම හා ඒ හරහා වංචා සිදු කිරීම.

07. දළදා මාලිගාව සතු මුදල් යොදවා සී.ඩී. තැටි නිපදවිමේ කොන්ත්‍රාත්තුවක් Onasta International සමාගමට ලබාදී එමගින් මුදල් වංචා කිරීම  ප්‍රධාන තැනක් ගනියි.

නිලංග දෑල බණ්ඩාරට අදාළව ඉදිරිපත්වී ඇති මෙම චෝදනා විමර්ශනය කිරීමේදී දළදා මාලිගාව සතු ඉම් කොටස් කර විකිණිමෙන් රුපියල් 26,000,00.00 මුදලක් දළදා මාලිගාවේ බැංකු ගිණුමට බැර නොකර වංචා කර ඇති බව කරුණු සහිතව සනාත වී ඇත. මීට අමතරව 2015 ජනාධිපතිවරණ සමයේදී දළදා මාලිගාව සතු රණ්පත්‍ර, පුන්කළස්, කෙණ්ඩි යනාදී කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ අතුරුදහන් වී ඇති අතර එම වකවානුවේදී අනුරාධපුර දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් ඡන්ද දායකයින් හට මුදල් හා භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියක්ද ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් සිදු කර ඇති බව පෙනී යයි.

ඉහත චෝදනාවන්ට අදාළව විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත අදාල ලිපි ගොනුව යොමු කොට ඇති අතර මහනුවර අධිකරණයට ම/උ 34983/15 යටතේ කරුණු වාර්තා කර ඇත. මීට අමතරව 2015.09.01වන දින CR 5/27/2015 යටතේ නිලංග දෑල බණ්ඩාරට එරෙහිව ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තාව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමුකර ඇත.

කරුණු මෙසේ වුවද නීතිපති උපදෙස් සඳහා යොමුකොට දැනට වසර දෙකක් ගෙවී ගියද යහපාලන ආණ්ඩුවේ ඉහලම ප්‍රබලයින්ගේ මැදිහත්වීම මත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට අදාළ ඉහත සනාත කළ හැකි චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත. මීට අමතරව මහනුවර අධිකරණයට කරුණු වාර්තාකර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නඩුපැවරීමක් සිදු කොට නොමැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දන්තධාතූන්ගේ භාරකරයත් පාස්පොර්ට් හොරෙක් ද?
දන්තධාතූන්ගේ භාරකරයත් පාස්පොර්ට් හොරෙක් ද?
http://ift.tt/2xfpqPt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_808.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_808.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy