2020 වසර වනවිට දුම්කොළ වගාව තහනම් කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ සුදානම හේතුවෙන් දුම්කොළ ගොවීන් බරපතළ අභියෝග රැසකට මුහුණ පා සිටින බවට ඔවුන් චෝද...
2020 වසර වනවිට දුම්කොළ වගාව තහනම් කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ සුදානම හේතුවෙන් දුම්කොළ ගොවීන් බරපතළ අභියෝග රැසකට මුහුණ පා සිටින බවට ඔවුන් චෝදනා කරයි.
එසේම දුම්කොළ වගා තහනම හේතුවෙන් දුම්කොළ වගාවෙන් ජීවත් වන 300,000 කට අධික පිරිසකට සිය ජීවනෝපාය මාර්ග අහිමි වීමට නියමිත අතර රටට විශාල ආදායමක් ද අහිමි වීමට නියමිත බවද ගොවීන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.
ඔවුන් මෙම අදහස් පලකලේ පසුගියදා දෙහිඅත්තකණ්ඩිය, කැලේගම ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවති අටවිසි බෝධි පූජාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සමස්ත ශ‍්‍රී ලාංකීය ගොවි ප‍්‍රජාවටම සෙත් පැතීමේ හා ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කර දීම අරමුණු කරගනිමින් මෙම අටවිසි බෝධි පූජාවක් සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය විසිනි.
ඊට ගලේවෙල, පොළොන්නරුව, මහියංගණය, තෙල්දෙණිය, බුත්තල, උඩුදුම්බර සහ හාලිඇල යනාදී ප‍්‍රදේශවල ගොවීහු 350 කට අධික ගොවීන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ සහභාගී වී සිටියහ.
දුම්කොළ වගාව තහනම් කිරීමෙන් පසුව වෙනත් වගාවන් හඳුන්වා දී එම ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග සුරක්ෂිත කරදීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකස් වී ඇති බවක්ද නොපෙනේ. මේ නිසා දුම්කොළ වගාවෙන් ජීවත් වන ගොවීන් බොහෝ දෙනෙක් සිය අනාගතය පිළිබඳව බියකින් පසුවෙති.
එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමයේ සභාපති ජයන්ත එගොඩවෙල මහතා,
‘‘ගොවි සංවිධානයක් ලෙස අප මේ තරම් විශාල මට්ටමින් බෝධි පූජා පින්කමක් සංවිධානය කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ගොවීන් වශයෙන් අප විවිධ භෝග වර්ග වගාකරනවා. පසුගිය කාලය තුළ දරුණු කාලගුණ තත්ත්වයන් ඇතුළුව විවිධාකාරයේ බාහිර බාධාවන් නිසා අපගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑම් එල්ල වුණා. එවැනි දුෂ්කර කාලවල් වලදී අපටත් අපගේ පවුල්වල අයටත් ජීවත් වීමට අවශ්‍ය ආදායම ලැබුණේ දුම්කොළ වගාව නිසයි. ඉදිරියේදීත් මෙවැනි අභියෝග හමුවේ තම ජීවනෝපාය මාර්ග ආරක්ෂා කරගැනීමට ගොවීන්ට ශක්තිය හා ධෛර්යය ප‍්‍රර්ථනා කිරීම මේ මහඟු පුණ්‍යකර්මයේ මූලික අරමුණ වුණා.”
‘‘යම් කිසි ආකාරයකින් ලංකාවේ දුම්කොළ වගාකිරීම තහනම් කලහොත් අපගේ ජීවිත වලට විශාල බලපෑමක් එල්ල වෙනවා මෙන්ම ගොවීන්ගේ අනාගතය කෙබඳු වේ දැයි අප කිසිවෙක් දන්නේ නැහැ. දුම්කොළ වගාකිරීම සිදුවන්නේ අස්වැන්න මිලදීගැනීම සම්බන්ධ එකඟතාවක් මතයි. ඒ ආකාරයට වගාකටයුතු කිරීමට හැකිවීම මගින් ගොවීන්ට ප‍්‍රතිලාභ රැුසක් ලැබෙනවා වගේම එම ප‍්‍රතිලාභ සමාජයේ යහපතට විශාල දායකත්වයක් දක්වන බවත් කියන්නට පුළුවන්. එම නිසා දුම්කොළ වගාව තහනම් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු සලකා බලා, ගොවීන් සමග සාකච්ඡුා කර, එබඳු තීරණයක් මගින් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳව මනා අවබෝධයකින් යුතුව අවසන් තීරණයක් ගන්නා මෙන් මා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”
COMMENTS