දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා.
Homeප්‍රවෘත්ති

රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා.

PropellerAds

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක ...

අවුකන පිළිමයට සිවුරු පැළඳවීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!
ඔබට සතුටුයිද දැන්?... ඔයා ආණ්ඩුවේ නේද තම ඉන්නේ? - මිහින්තලේ හිමි රොෂාන්ගෙන් අහයි (VIDEO)
බුවනෙකබාහු රාජ සභාව කුඩු කළ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි!

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස්‌ තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. 

 චාලි, කාර් සහ ටැන්ගෝ යන අන්වර්ථ නාමයන්ගෙන් එම ගෙවීම් සිදුකළ බවද එම ගෙවීම්වලට අදාළ පරිගණක ලිපිගොනු යාවත්කාලීන කළේ තමා විසින්ම බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් සල්ගාදු මහතා කොමිසමට හෙළි කළේය.

 මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සිටින ගෙවීම් ලබන පුද්ගලයා හැඳින්වූයේ "චාලි" යන නමින් බවද සල්ගාදු මහතා කීවේය.

 2015 සැප්තැම්බර් මාසය දක්‌වා මෙසේ "චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ උදසීලන් මහතා බවත් ඉන් පසු "චාලි" ලෙස හැඳින්වූයේ අර්ථසාධක අරමුදලේ සිටි ඉන්දික සමන් කුමාර මහතා බවත් සල්ගාදු මහතා කොමිසමට කීවේය.

මෙසේ "චාලි" නමින් හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ අභ්‍යන්තර තොරතුරු සැකසූ පුද්ගලයා බවත් "කාර්" සහ "ටැන්ගෝ" ලෙස හැඳින්වූයේ කව්දැයි තමා නොදන්නා බවත් තමා කළේ පර්පෙචුවෙල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ උපදෙස්‌ මත එම ලේඛන නඩත්තු කිරීම පමණක්‌ බවත් සල්ගාදු මහතා කොමිසමට සාක්‍ෂි දෙමින් කීවේය.

 පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගම ආරම්භ කළ 2014 වර්ෂයේ දී මෙන්ම එවැනි ගෙවීම් 2015 වර්ෂයේදීත් දිගටම සිදුවූ බවද කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේය.

 පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගම ආරම්භ කළ අවස්‌ථාවේ සිටම එම සමාගමට අභ්‍යන්තර රහස්‌ තොරතුරු සපයන පුද්ගලයින් සිට ඇති බව ඉන් පැහැදිලි වනවා නේදැයි විනිසුරු ජයවර්ධන ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා ඒ බව පිළිගත්තේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා.
රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා.
http://ift.tt/2hEjF7E
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_757.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_757.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy