දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද ?
Homeප්‍රවෘත්ති

මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද ?

PropellerAds

බැඳුම්කර කොමිෂම යනු යහපාලනය පිළිබඳ වර්තමාන ආණ්ඩුව හා විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන මේ රටේ ජනතාව විසින් තබන ලද විශ්වාසයේ මි...

රතන හිමිගේ උපවාසයට ඥාණසාර හිමිත් එක්වේ… හෙට සිට රට පුරා සංඝයා වහන්සේ අරගලයේ…
සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…
පොලිස් නිලධාරියා මැරූ අය පොලිස් වෙඩි පහරින්ම මැරුම්කයි
මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද ?
බැඳුම්කර කොමිෂම යනු යහපාලනය පිළිබඳ වර්තමාන ආණ්ඩුව හා විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන මේ රටේ ජනතාව විසින් තබන ලද විශ්වාසයේ මිනී පෙට්ටියයි. ඉතිරිව ඇත්තේ නඩු විභාගයක් හරහා පෙට්ටියට ඇණ ගැසීම හා ආදාහනය පමණි.
 
එවන් ආණ්ඩුවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවක් කළමනාකරණය කර ගත නො හැකි ය. හේතුව අන් කිසිවක් නොව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි ගැඹුරු සමාජ පරිවර්තනයක් සිදු කිරීමට අත ගසන නායකත්වයකට ප්‍රබල මහජන විශ්වාසයක් තිබිය යුතු වීමයි. වර්තමාන ආණ්ඩුවට එවැන්නක් නැත. එය ගොඩනගා ගැනීමට බැරි වීමට ප්‍ර‍ධාන හේතුව බැඳුම්කර ප්‍ර‍ශ්නයයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් දිනා ගැනීම සඳහා උප්පරවැට්ටියක් දමා ගත හැකි වීම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ප්‍රමාණවත් නො වේ. 
 
ලංකාවේ අලුත් ව්‍යවස්ථා ගෙන ආ 1972 හෝ 1978 අවුරුදු සලකා බලන විට පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ ඒ ඒ වකවානුවල පැවති ආණ්ඩු බලවත් හා ජනප්‍රිය තත්වයන්ගෙන් පැවති බවයි. 
 
වසර 1978දී හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බවට ප්‍රබල මතයක් සිවිල් සමාජය තුළ ඇති බව සැබෑ ය. එහෙත්, ඒ වනාහි බෙදුණු අදහසකි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර 1972ට කලින් පැවති විධායක අගමැති ක්‍රමය හඳුන්වා දීමෙන් ලංකාවේ ප්‍රශ්න විසඳේ යයි සිතීම මුලාවකි. කවුරු කොහොම කීවත්, ලංකාව නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හතෙන් හතරක් ම අප ජීවත් වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ය. ජාතික ප්‍රශ්නය ගැඹුරු වී, තිස් අවුරුදු යුද්ධයක් සිදු වූයේ ද, ඒ යුද්ධය අවසන් වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය තුළයි. 
 
ලංකාවට නව ආණ්ඩුක්‍ර‍මයක් අවශ්‍ය බව ඇත්ත ය. එහෙත්, අවශ්‍ය කුමන ආකාරයේ ආණ්ඩුක්‍ර‍මයක් ද යන්න පිළිබඳ සමාජයේ එකඟතාවන් අවම ය. 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාව දිගට පවත්වාගෙන යාම ඉතා වැදගත් ය. එහෙත්, නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් ගෙන ඒම හදිසියේ කළ යුතු නො වේ. හේතුව අන් කිසිවක් නොව, පටු අරමුණු සහිත ආණ්ඩු විරෝධීන්ට එය පනින රිලවුන්ට බඳින ඉණිමගක් වන හෙයිනි. ආණ්ඩුව කොයි තරම් ප්‍ර‍ජාතාන්ත්‍රික ස්වරූපයෙන්, පොදු සහභාගිත්වයෙන් මෙම ක්‍රියාවලිය ගොඩනැගුවත්, ඒකාබද්ධ විපක්ෂය වැනි වල් සතුන් දැන් එයින් පිට පැන හමාර ය. ඔවුන් අල්ලා බැඳ ගැනීම කෙසේ වත් කළ නො හැකි ය. එහෙත්, ප්‍ර‍ශ්නය එය නො වේ. ඔවුන්ට පහසුවෙන් මෙහෙයවා ගත හැකි බලවත් ප්‍ර‍තිගාමිත්වයන් රැසක් සමාජයේ පැවතීමයි. ඒ ප්‍ර‍තිගාමීන් දැනටමත් කතා කිරීමට පටන් ගෙන තිබේ. 
 
අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයකටත් වඩා මේ රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගනු ලබන පියවරයි. ආර්ථික ස්ථාවරත්වය සමාජ ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය ය. අලුත් ආණ්ඩුක්‍ර‍මයක් ගැන තීරණාත්මක පියවර ගත හැක්කේ එවිටය. 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද ?
මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද ?
http://ift.tt/2xcIUVd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_707.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_707.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy