දිසාපති පුරප්පාඩු පිරවීම සදහා විධිමත් ක්‍රියාමාර්ගයන්ගෙන් පරිබාහිරව කටයුතු කරන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සදහා දේශපාලනඥයින්ගෙන් ලබාගත...
දිසාපති පුරප්පාඩු පිරවීම සදහා විධිමත් ක්‍රියාමාර්ගයන්ගෙන් පරිබාහිරව කටයුතු කරන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සදහා දේශපාලනඥයින්ගෙන් ලබාගත් ලැයිස්තුවකින් පුද්ගලයින් 19 දෙනෙකු දුරකතන මගින් කොළඹට වරින් වර කැදවා ඇත. කිසිදු පිළිගත් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් තොරව එම පුරප්පාඩුව සදහා පුද්ගලයෙකු පත් කිරීමට උත්සහ දරයි.
මඩකලපුව දිස්ත්‍රික්කය වාර්ගික යුද්ධයේ දී වැඩිම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් උත්පාදනය කරනු ලැබූවේ ඓතිහාසිකව එහි පැවති පසුගාමී සමාජ-ආර්ථික සාධක හේතුවෙනි. නිවාස යෝජනා ක්‍රම ඇතුලු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් දිස්ත්‍රික්කයට ලැබී ඇති නමුත් විධිමත් පරිපාලන යාන්ත්‍රණයක් සහ මානව සම්පත් ඌණතාව හේතුවෙන් මඩකලපුව දිගු කළක් පීඩා විදී. කිසිදු යහපාලන මුලධර්මයක් අනුගමනය නොකරමින් දේශපාලන අවශ්‍යතාවන් මත ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම් තනතුර සදහා අයෙකු පත් කරන්නේ නම් එමගින් පළාතේ ඇති විය හැකි අහිතකර එල විපාක විශාලය.
COMMENTS