ඔහු දන්වා තිබෙන්නේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් විරෝධය පලකළ තමන් ඇතුළු පිරිස අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂි...
ඔහු දන්වා තිබෙන්නේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් විරෝධය පලකළ තමන් ඇතුළු පිරිස අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් හරහා මේ බව ප්‍රසිද්ධියට පත්කර තිබේ.
නාමල් රාජපක්ෂ, ඩී.වි. චානක, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා සහ උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල, අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රිවරුන් තිදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නාමල් රාජපක්ෂලා බලයේ සිටියදී මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකර බොහෝ දෙනාගේ මානව හිමිකම් කඩකරමින් කටයුතු කළ අතර ඔවුන් හැසිරුනේ මානව හිමිකම් යනු කුමක්දැයි නොදන්නා ආකාරයෙනි. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විදේශීය කුමන්ත්‍රණකරුවන් ලෙස සැලකූ අතර එම සංවිධානවල නිර්දේශ හා උපදෙස් බැහැර ලා කටයුතු කළේය.
සැමදා බලයේ සිටිය හැකි යැයි සිතා සිටි නාමල්ලාට බලය අහිමි වූ පසුව හදිසියේ මානව හිමිකම් මතක් වී ඇති අතර එය දෛවයේ සරදමක් මෙනි.
COMMENTS