දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභයට විරුද්දව මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි
Homeප්‍රවෘත්ති

ගෝඨාභයට විරුද්දව මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

PropellerAds

වැ ලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී රැඳවූවන් ඝාතනය කිරීමට අණ දුන්නේ එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවට අධිකරණය හමුවේ පාපොච්චාරණ...

රන්ජන් සිටින හිරගෙදරින් ගිනිඅවියක් අතුරුදන් !
"ගොඩහේවා කියන විදිහට නැවේ සංදර්ශන බලබල අපිට ඉන්න බැහැ" - පුබුදු ජාගොඩ
කොරෝනා පාලනය දොස්තරලාට පමණක් තනියෙන් කරන්නැයි කියයි.. සෙසු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙදර නවතින බව දන්වයි
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී රැඳවූවන් ඝාතනය කිරීමට අණ දුන්නේ එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවට අධිකරණය හමුවේ පාපොච්චාරණය කරන ලෙස හිටපු ඇමැති මර්වින් සිල්වා බන්ධනාගාරයට පැමිණ තමන්ගෙන් ඉල්ලා සිටි බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ඊයේ (8 වැනිදා) අනාවරණය කළේය.

මෙම සිද්ධියට රාජපක්ෂවරුන් කෙසේ හෝ සම්බන්ධ බවට පාපොච්චාරණයක් කරනු ලැබුවහොත් බන්ධනාගාරයේ නොසිට ඇප ලබාගත හැකි යැයිද හිටපු ඇමැති මර්වින් සිල්වා තමාට දැනුම් දුන් බවද එමිල් රන්ජන් ළමාහේවා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවැසීය.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ල සම්බන්ධ‍යන් අසත්‍ය කරුණු මත පදනම්ව තමන්ට එරෙහිව චෝදනා ගොනු කළ බව පවසමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේදී එමිල් රන්ජන් ළමාහේවා සාක්කි දෙමින්,

‘මා රිමාන්ඩ් භාරයට පත්ව බන්ධනාගාරයේ සිටියදී අදාළ සිද්ධියට රාජපක්ෂවරුන් සම්බන්ධ බවට පවසන ලෙස දන්වමින් යම් යම් අවස්ථාවලදී විවිධ පිරිස් බලපෑම් කළා.

අගමැති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය උපදේශකවරයකු වන අශෝක ජයතුංග 2018 වසරේ අග භාගයේදී මා හමුවීමට බන්ධනාගාරයට පැමිණියා. ‘මේකට අණ දුන්නේ කවුද? කියලා අගමැති අහගෙන එන්න කිව්වා.’ යැයි අශෝක ජයතුංග මා හට පැවැසුවා. අශෝක ජයතුංග කියන දෙයින් මට තේරුම් ගියේ මේකට අණදුන්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව කියන ලෙසත්, එසේ කිවහොත් ඇප ලබාගැනීමට හැකිවන බවත්ය.

හිටපු ඇමැති මර්වින් සිල්වා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අශෝක ජයතුංග නමැති අය ගෙනා යෝජනා මා ප්‍රතික්ෂේප කිරීම නිසා, දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්ව වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීමටද සිදුවුණා.’ යැයිද පැවැසීය.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභයට විරුද්දව මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි
ගෝඨාභයට විරුද්දව මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4DpXnDS6cY4V0sfHxQNOHS-kdxr84_lrXyBl9FnpX1Tai7DZC4cgPmUusPHJKmZ9m_Nbo-ydCq98x2XEK6Z3cgV6MjDHAIqkDi_pm1ajBjsmB63hFviGjBoYI4r3IDVgczzhtjlosMNc/s320/got.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4DpXnDS6cY4V0sfHxQNOHS-kdxr84_lrXyBl9FnpX1Tai7DZC4cgPmUusPHJKmZ9m_Nbo-ydCq98x2XEK6Z3cgV6MjDHAIqkDi_pm1ajBjsmB63hFviGjBoYI4r3IDVgczzhtjlosMNc/s72-c/got.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_293.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_293.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy