ආරක්ෂාව පිළිබඳ පූර්ණ විශ්වාසය තැබිය හැකි බවත් ඒ අනුව ඉදිරියේදී කණිෂ්ට කණ්ඩායම් පකිස්තානය වෙත යැවීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි. ...
ආරක්ෂාව පිළිබඳ පූර්ණ විශ්වාසය තැබිය හැකි බවත් ඒ අනුව ඉදිරියේදී කණිෂ්ට කණ්ඩායම් පකිස්තානය වෙත යැවීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
2009 වසරේදී ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර පසු ලොක ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් බහුතරයක් පකිස්තානයේ තරග සංචාරවල නිරතවීම ප්‍රතික්ෂේප කළේය. මීට මාස කිහිපයකට පෙර ලෝක කණ්ඩායමක් පකිස්තානය 20/20 තරගාවලියකට එක්වූ අතර එම කණ්ඩායම තිසර පෙරේරා ද ඇතුළත් විය. ශ්‍රී ලංකා - පකිස්තාන් අවසන් 20/20 තරගය ලාහෝර්හිදී පැවැත්වීමට පකිස්තාන් ක්‍රිකට් ආයතනය යෝජනා කළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පළ කළේය. කෙසේ වෙතත් ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් පකිස්තානයට යාම ප්‍රතික්ෂේප කළ අතර ඒ නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුක්ත නවක කණ්ඩායමක් 20/20 තරගාවලියට නම් කෙරිණි.
ඉදිරි තරගාවලි කාලසටහනට පකිස්ථානයේ තරග සංචාර ඇතුළත්ව නොමැති වුවද කෙටි තරග සංචාරයක් සඳහා නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් පකිස්තානය වෙත පිටත් කර හැරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිළධාරියා පවසයි.
20/20 කණ්ඩායමේ නායකත්ව දැරූ තිසර පෙරේරා පවසන්නේ තමන්ගේ වසර 09 ක ජාත්‍යන්තර ක්‍රිකට් කාල සමය තුළ මෙවැනි විශ්වාසදායී ආරක්ෂක තත්වයක් කිසිදිනෙක නොදුටු බවයි. ඒ නිසා කිසිදු බියකින් තොරව තරගයට එක්වීමට හැකිවූ බවත් නැවතත් පකිස්තානයේ තරගාවලියකට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
COMMENTS