කෙසේ වෙතත් යුධ විරුවන් අධිකරණය හමුවට ගෙන නොයන බවද හෙතෙම පවසයි. මානව හිමිකම් හෝ යුධ නීතිය කඩ කළ ඕනෑම අයෙක් යුධ වීරයෙක් ලෙස නම් කිරීම යෝග්...
කෙසේ වෙතත් යුධ විරුවන් අධිකරණය හමුවට ගෙන නොයන බවද හෙතෙම පවසයි. මානව හිමිකම් හෝ යුධ නීතිය කඩ කළ ඕනෑම අයෙක් යුධ වීරයෙක් ලෙස නම් කිරීම යෝග්‍ය නොවන බවද ග්‍රේයිෆ් මහතා කියා සිටියි. මේ වන විට රාජයා යුධ විරුවන් පිළිබඳ පොරොන්දුව දේශපාලනික ප්‍රකාශයක් වන අතර එය නීතිමය වශයෙන් පිළිගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊට අන්තර්ජාතික වශයෙන් සහතිකයක් නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.
එමෙන්ම හිටපු යුධ හමුදා නිලධාරියෙක්ට මෑතකදී බ්‍රසීලයේදී නඩු පැවරීම මඟින් වගවිමේ ක්‍රියාවලිය දේශීය හෝ විදේශීය වශයෙන් සිදු විය හැකි බව පැබ්ලෝ ද ග්‍රේයිෆ් මහතා ප්‍රකාශ කරයි.
මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ග්‍රේයිෆ් මහතා සඳහන් කරන්නේ හිටපු යුධ හමුදා නිලධාරියෙකුට එරෙහිව බ්‍රසීලයේදී නඩු පැවරීම වැනි තවත් සිදු වීම ඉදිරියේදී වාර්තා විය හැකි බවයි. යුධ විරුවන් රක ගන්නා බවට පොරොන්දු දීම නෛතික නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ නිතිය අනුව එම තීරණය ගත යුත්තේ නීති පති දෙපාර්තමේන්තුව බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS