දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහා නගරයට මුලපුරයි - තාක්ෂණ නගරයේ පළමු අදියර හෙට හෝමාගමදී ඇරඹේ
Homeප්‍රවෘත්ති

මහා නගරයට මුලපුරයි - තාක්ෂණ නගරයේ පළමු අදියර හෙට හෝමාගමදී ඇරඹේ

PropellerAds

ජාතික විද්‍යා මධ්‍යස්ථානය, චන්ද්‍රිකා මධ්‍යස්ථානය හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇතුළු තාක්ෂණික මධ්‍යස්ථාන 05ක් සහිතව බස්නාහිර මහා නගර සංවර්ධන සැ...

20 රැකගත යුතුයි - වික්‍රමබාහු කරුණාරත්න
ජනපති නියෝගයද අදාළ නැති නියෝජ්‍ය පොලිස්පති !
මෛත‍්‍රී වෙනුවෙන් ට‍්‍රම්ප්ගෙන් භෝජන සංග‍්‍රහයක්.
මහා නගරයට මුලපුරයි - තාක්ෂණ නගරයේ පළමු අදියර හෙට හෝමාගමදී ඇරඹේ

ජාතික විද්‍යා මධ්‍යස්ථානය, චන්ද්‍රිකා මධ්‍යස්ථානය හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇතුළු තාක්ෂණික මධ්‍යස්ථාන 05ක් සහිතව බස්නාහිර මහා නගර සංවර්ධන සැළැස්මේ ඇතුළත් තාක්ෂණික නගරයේ පළමු අදියර සඳහා එළැඹෙන 22 වනදා පෙ.ව. 10.00 ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෝමාගම, පිටිපන ශ‍්‍රී ලංකා නැනෝ තාක්ෂණ පරිශ‍්‍රය සහිත මහහේන කලාපයේ දී මුල්ගල් තැබීම සිදු කෙරේ. 

නව තාක්ෂණ නගරය සඳහා බස්නාහිර පළාතේ අතිශය ජනාකීර්ණ හා ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති මාලඹේ සිට හෝමාගම දක්වා කලාපයන් තෝරා ගෙන තිබෙන අතර මාලඹේ ප‍්‍රදේශය තාක්ෂණික කලාප 4 කට හා හෝමාගම ප‍්‍රදේශය තාක්ෂණික කලාප 7 කට වෙන්කර මෙහි වැඩකටයුතු ආරම්භ කෙරේ.

ලබන 22 වන දින ඇරඹෙන තාක්ෂණ කලාපය තුළ රටේ මුල් පෙළේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රයේ නිරත ප‍්‍රධාන ආයතන වන මොරටුව විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය ආශ‍්‍රිතව විද්‍යා හා තාක්‍ෂණික ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය. මේ අනුව අක්කර 25 බැගින් විශ්ව විද්‍යාල 03 සඳහාත්, අනෙකුත් තාක්ෂණික ආයතන සඳහා අක්කර 10 බැගින් ලබාදීම නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබයි.

මෙහි ඉදිරි කටයුතු වෙනුවෙන් අක්කර 1000 ක් හඳුනාගෙන ඇති අතර මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ද සිදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මේවන විට කටයුතු කරමින් සිටින අතර ඒ සමග ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක මුළු වපසරිය අක්කර 1,200 කි. තාක්ෂණ නගරය සමග අනාගත ලෝකය ජය ගැනීමට එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය හෙයින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හුවමාරු මධ්‍යස්ථානයේ සිට උඩුවන හන්දිය දක්වා මංතීරු 4 කින් යුත් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ.

ලෝකයේ මැදි ආදායම් ලබන රටවල් දියුණු ආර්ථිකයක් ඇති රටවල් හා සමපාත වන්නට උත්සාහ දරන කාලයක, ලෝක ආර්ථිකය තුළ තරග කිරීමට ශ‍්‍රී ලංකාව ද නවීන තාක්ෂණය හා ඒ සඳහා අවැසි මානව සම්පත ද ශක්තිමත් කර ගනිමින් සන්නද්ධ විය යුතු බවත් එහි මූලික පියවර හෝමාගම පිටිපන මහහේන වත්තේ දී සැප්තැම්බර් 22 වන දින ආරම්භයත් සමඟ තොරතුරු තාක්ෂණ ක්‍ෂෙත‍්‍රයේ පුරෝගාමී ආයතන හා නවෝත්පාදන සමඟ විද්‍යා හා තාක්ෂණ නගරය අනාගත ශ‍්‍රී ලංකාව ඉහළට ගෙන යන කලාපය බවට පත්වනු ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පැවසී ය.

ශ‍්‍රී ලංකාවේ නගර සංවර්ධනයේ නිම්වළලූ පුළුල් කරමින් දකුණු ආසියානු කලාපයේම කි‍්‍රයාත්මක දැවැන්ත නාගරික සංවර්ධන සැලැස්ම ලෙස බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැලැස්ම ආරම්භකොට තිබේ. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් 400ක් පමණ සහභාගි වේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහා නගරයට මුලපුරයි - තාක්ෂණ නගරයේ පළමු අදියර හෙට හෝමාගමදී ඇරඹේ
මහා නගරයට මුලපුරයි - තාක්ෂණ නගරයේ පළමු අදියර හෙට හෝමාගමදී ඇරඹේ
http://ift.tt/2cXnLHC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_771.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_771.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy