මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කරන බව පැවැසූ ප්‍රතිපාදන කිසිවක් නියමිත පරිදි ලැබී නැති නිසා, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකය...
මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කරන බව පැවැසූ ප්‍රතිපාදන කිසිවක් නියමිත පරිදි ලැබී නැති නිසා, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් සමඟ සාකච්ඡා කොට විසදුමක් ලබා ගත නොහැකි නම් සිය ඇමැති ධුරයෙන් ඉවත් වීමට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අවධානය යොමු කර තිබේ.
අදාළ අමාත්‍යාංශයට හිමි විය යුතු ප්‍රතිපාදන නියමිත පරිදි නොලැබීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී පාඨලී චම්පික ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේදී විවේචන එල්ල කර තිබූ අතර, එහෙත් ආණ්ඩුවේ නායකයන් ඊට කිසිදු ප්‍රචාරයක් දක්වා තිබුණේ නැත.
කොළඹ නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතියට නිසි පරිදි මුදල් ලබා නොදීම, කොළඹ නගරයට ජලය සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ සැලසුමට අනුමැතිය ලබා නොදීම වැනි කරුණු රාශියක් නිසා මෙසේ පාඨලී චම්පික ඇමැතිවරයා බරපතළ ලෙස කළකිරීමට පත්ව සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙපළට ඉල්ලීමක් යොමු කරන බවත්, එහි දී පිළිගත හැකි විස`දුමක් ඉදිරිපත් නොවුවහොත් මෙසේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර ස්වාධීන වීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.
ආණ්ඩුව අකාර්යක්ෂම බවට මතයක් !
පසුගිය කාලය පුරාම ආණ්ඩුව මඟින් සකස් කළ සංවර්ධන ව්‍යාපෘති විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එමඟින් ආණ්ඩුව අකාර්යක්ෂම බවට වූ මතයක් ජනතාව අතරට ගොස් ඇති බවත් පාඨලී චම්පික ඇමැතිවරයා මෙන්ම ඇමැතිවරුන් රැසකගේ අදහස වී තිබේ.
පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට විශේෂ කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කරමින් 2018 වර්ෂය තුළ දී ජල ගැලීම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඇමැතිවරයා විසින් අවධාරණය කර ඇත.
එසේම ඔලියමුල්ල සහ කළුපාලම පොම්පාගාරවල වැඩ 2018 වර්ෂයේ දී අවසන් කළ යුතු බවත්, මේ සඳහා රුපියල් මිලියන 9,870 ක පිරිවැයක් දැරීමට සිදු වන බවත් ඇමැතිවරයා අදාළ කැබිනට් පත්‍රීකාව මඟින් පෙන්වා දී තිබේ.
(සත්හඬ)
COMMENTS