දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්දීර්ගෙ කල්ලිය, නිධානයක් ගන්න පැමිණි බව හෙළිවේ.
Homeප්‍රවෘත්ති

රන්දීර්ගෙ කල්ලිය, නිධානයක් ගන්න පැමිණි බව හෙළිවේ.

PropellerAds

දිවුලපිටිය - හේන්පිටගෙදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර...

ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිදු උසාවියකින් ඔප්පු වී නෑ - ජවිපෙ
සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ
සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ
දිවුලපිටිය - හේන්පිටගෙදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූගේ හැඳල නිවසේ තිබී තවත් අවි ආයුධ කිහිපයක් හමුවී තිබේ.

ඔහුගේ නිවසේ තිබී කඩුවක්, කිණිස්සක් සහ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 65ක් තිබී හමුවූ බව පොලීසිය සඳහන් කර සිටියි.

ඊයේ දිනයේදී සැකකරුගේ නිවසේ තිබී පිස්තෝල උණ්ඩ 100ක වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

 මීට අමතරව සැකකරුගේ නිවසේ තිබී වාහන අංක තහඩු දෙකක් ද හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිද ද පොලීසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම පිරිස කිසියම් කණ්ඩායමක් විසින් ලබා ගත් නිධානයක් ලබා ගැනීමේ අරමුණින් මෙලෙස මෙම ප්‍රදේශයට පැමිණ ඇති බවය.

ඔවුන් කණ්ඩායම් 3ක් ලෙස වෑන් රථයකින්, ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ සිටි බව පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඔවුන් ගමන් ගත් වෑන් රථයෙහි පාතාල සාමාජිකයින් 11 දෙනෙකු පැමිණ ඇති බවයි.

ඉන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර එක් අයෙකු කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව ද අනාවරණ වී තිබේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්දීර්ගෙ කල්ලිය, නිධානයක් ගන්න පැමිණි බව හෙළිවේ.
රන්දීර්ගෙ කල්ලිය, නිධානයක් ගන්න පැමිණි බව හෙළිවේ.
http://ift.tt/2y3T3Tv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_384.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_384.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy