ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් පකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමට නම්කර ඇති අතර උපුල් තරංගගෙන...
ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් පකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමට නම්කර ඇති අතර උපුල් තරංගගෙන් පුරප්පාඩු වූ නායකත්වය සඳහා තිසර පෙරේරා පත් කෙරිණි. ඔහු කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ටතම ක්‍රීඩකයා වන අතර ඔහු මේ වනවිට ජාත්‍යන්තර 20/20 තරග 60 කට සහභාගි වී තිබේ.
තිසර පෙරේරා හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාගේ 20/20 ජාත්‍යන්තර අත්දැකීම් එකතුව තරග 75 කි.
අද තරගයේදී ක්‍රීඩකයන් කිහිප දෙනෙකු 20/20 ජාත්‍යන්තර වරම් දිනාගැනීමට නියමිත වේ.
මෙම තරගාවලියේ පළමු තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙ අතර තෙවැනි තරගය ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට දෙරටම එකඟ වී තිබේ.
දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් එක්දින තරගාවලියේදී 5-0 ක් ලෙස පකිස්තානය ඉදිරියේ පරජයට පත්විය.
COMMENTS