දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය නාඳුනන මළ සිරුරු 13ක් ශිතාගාරවල තිබීම හේතුවෙන් අධික දුඟඳක්ද හමා යන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ...
දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය නාඳුනන මළ සිරුරු 13ක් ශිතාගාරවල තිබීම හේතුවෙන් අධික දුඟඳක්ද හමා යන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හඳුනා නොගත් මළ සිරුරු විශාල ගැටලුවක් වී ඇති බවත් විවිධ අනතුරුවලට ලක්ව ප්‍රදේශයේ පොලිස් ස්ථානයන්ගේ මැදිහත් වීමෙන් රෝහල් මෘත ශරීරාගාරයට ගෙන එන බව කියන මෙම සිරුරු රෝහලට ගෙන ඒමට කටයුතු කළ ද නැවත රැගෙන යාමට කිසිදු උනන්දුවක් නොදක්වන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසී ය.
දෙහිවල, මොරටුව, වැල්ලවත්ත, පිළියන්දල, ගල්කිස්ස පොලිස් ස්ථානයන්ගෙන් මෙම මෘත ශරීර ගෙනැවිත් දමා ඇති බවත් මේවා හඳුනා ගැනීමේ දී සහ අවසන් කටයුතු සිදු කිරීමේදී නීතිමය ක්‍රියාවලියක් සිදු කළ යුතු නමුත් හැකි ඉක්මනින් මෙම සිරුරු ඉවත් කිරිමට කටයුතු කිරීම අදාල නිලධාරින්ගේ යුතුකමක් බවත් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS