දකුණු පලාත් ආණ්ඩුකාර හේමතුමාර නානායක්කාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජයේ ඉහල පෙලේ දේශපාලඥයන් පිරිසක් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශ...
දකුණු පලාත් ආණ්ඩුකාර හේමතුමාර නානායක්කාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජයේ ඉහල පෙලේ දේශපාලඥයන් පිරිසක් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
නානායක්කාර මහතා ආණ්ඩුකාරවරයා ලෙස හිදිමින් රජයේ කටයුතු විවේචනය කර ඇති බවට ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහු ඉවත් කිරීමට යන බව පැවසෙයි.
යෝජිත ආණ්ඩු ක‍්‍රම ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද ආණ්ඩුකාරවරයා විරෝධය දක්වා ඇති බවත් පළාත් සභාවේ මන්ත්‍රී පිරිසක්ද මොහුට එරෙහිව ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.
හේමකුමාර නානායක්කාර මහතා දරණ ආණ්ඩුකාර ධුරයේ නිල කාලය ඉදිරි මාස කිහිපයකින් අවසන් වීමට නියමිතව ඇති අතර එතෙක් ඔහුට තනතුරේ රැඳී සිටීමට ඉඩ දෙන්නේද ඉවත් කරන්නේද යන්න ගැන සාකච්ඡා වෙමින් පවතින බව ද දැන ගන්නට ඇත.
(Lanka C News)
COMMENTS