පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ රාත්‍රියේ (24) හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා ...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ රාත්‍රියේ (24) හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමූවීමට ඔහුගේ නිවසට ගොස් ඇති අතර එහිදී යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතාබහක නිරත වී ඇත. ව්‍යවස්ථාව සම්බන්ධ කතාබහ ඇදී යද්දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා එක්වරම පපුව අල්ලාගෙන බිම හිඳගෙන තිබේ. ඒ මොහොතේ කලබල වූ පිරිස ඔහුව වහාම කොළඹ නවලෝක රෝහල වෙත රැගෙන ගොස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ තත්වය බරපතළ නොවන බවය.
COMMENTS