හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත වහාම ක්‍රියත්මකවන පරිදි මාතර කොට්ඨාසයට මාරු කර තිබේ. හම්බන්තොටදී පසුගියදා පැවැති විරෝධතාව අ...
හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත වහාම ක්‍රියත්මකවන පරිදි මාතර කොට්ඨාසයට මාරු කර තිබේ.
හම්බන්තොටදී පසුගියදා පැවැති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුට පහරදීමේ සිද්ධිය හේතුවෙන් කරන පරීක්ෂණ අනුව ඔහුට මෙම මාරුව ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කෙසේවුවද, දළුවත්ත මහතාට දුන් අදාළ දඬුවම් ස්ථාන මාරුව හම්බන්තොටින් මාතර වෙත ඉතා ආසන්නයට ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානවල විචේචන එල්ලවී තිබේ.
COMMENTS