ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 27 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ...
ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 27 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මුලදී ආරම්භවන බවද පැවසේ.
මේවන විට හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සිය මැතිවරණ කටයුතු වෙන වෙනම සිදු කිරීමද ආරම්භ කර තිබේ.
ඒ අතර ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එකතු කිරීමට දෙපාර්ශවයේම පිරිසක් උත්සාහගනිමින් සිටී. කෙසේවුවද ශ්‍රීලනිප සංවිධායකයින් ඇතුළු පිරිසකගේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නුදුරේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.
COMMENTS