මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘වැල්ලේ සුරංග’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසු...
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘වැල්ලේ සුරංග’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, 23 හැවිරිදි සැකකරු කුමාරපේලියගේ ළහිරු නයනප්‍රිය නමැති අයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ ,සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ මෙහෙයුමකදී ය.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 02 යි මිලිග්‍රැම් 85 ක් ,කේරළ ගංජා ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 467 ක් , කඩු 02 ක් සහ රුපියල් එක් ලක්ෂ 34 , 150 ක මුදලක් පොලිසිය භාරයට ගෙන තිබේ.
සැකකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
COMMENTS